Home » ඇමරිකා‍නු ජනපති පනතකට අත්සන් තබමින් රජය අකර්මණ්‍ය වීම වළක්වයි

ඇමරිකා‍නු ජනපති පනතකට අත්සන් තබමින් රජය අකර්මණ්‍ය වීම වළක්වයි

by chanaka
September 29, 2024 7:16 am 0 comment

රජයේ ක්‍රියාකාරීත්වය අකර්මණ්‍ය වීම වැළැක්වීම සඳහා ඇමරිකා‍නු ජනාධිපති Joe Biden කෙටි කාලීන වියදම් පනතකට අත්සන් තබයි.

පසුගිය 26වැනිදා අත්සන් කෙරුණු එම පනතට අනුව, ෆෙඩරල් රජයේ ක්‍රියාකාරීත්වය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා මේ වසරේ දෙසැම්බර් 20 වැනිදා දක්වා ෆෙඩරල් ආයතනවලට අරමුදල් සැපයීම සිදුවනු ඇත.

ඇමරිකා නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සහ සෙනෙට් සභාව පසුගිය 25 වැනිදා ඡන්ද දීමෙන් මෙම මාස තුනක කෙටි කාලීන වියදම් පනත සම්මත කළේය. මෙම මස අග ඇමරිකා රජය අකර්මණ්‍ය වීමේ තර්ජනයට ලක් වීම වැළැක්වීම එම පනතේ අරමුණයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT