Sunday, April 20, 2025
Home » ශ්‍රී ලංකා-කොදෙව් තර­ගා­ව­ලිය ඔක්. 13 දඹු­ල්ලේදී ඇරඹේ

ශ්‍රී ලංකා-කොදෙව් තර­ගා­ව­ලිය ඔක්. 13 දඹු­ල්ලේදී ඇරඹේ

by damith
September 28, 2024 1:05 am 0 comment

සීමිත ඕවර තර­ගා­වලි ද්විත්ව­ය­කට එක්වීම සඳහා බට­හිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පිල ලබන මස මෙර­ටට පැමි­ණී­මට නිය­මි­තය.

දෙරට අතර තරග 3කින් සම­න්විත විස්සයි20 තර­ගා­ව­ලි­යක් සහ තරග 3කින් සම­න්විත එක්දින තර­ගා­ව­ලි­යක් පැවැ­ත්වෙන අතර, විස්සයි20 තර­ගා­ව­ලිය ඔක්තෝ­බර් මස 13 වැනිදා රංගිරි දඹුලු ජාත්‍ය­න්තර ක්‍රිකට් ක්‍රීඩාං­ග­ණ­යේදී ආරම්භ වෙයි.

දෙවැනි විස්සයි20 තර­ගය 15 වැනිදා සහ අව­සන් විස්සයි20 තර­ගය 17 වැනිදා පැවැ­ත්වී­මට නිය­මිතය. මේ තරග රාත්‍රී තරග ලෙස දඹු­ල්ලේ­දීම පැවැත්වේ.

තරග 3කින් සම­න්විත එක්දින ක්‍රිකට් තර­ගා­ව­ලිය පල්ලෙ­කැලේ ජාත්‍ය­න්තර ක්‍රිකට් ක්‍රීඩාං­ග­ණ­යේදී පැවැ­ත්වෙන්නේ ඔක්තෝ­බර් 20, 23 සහ 26 දින­ව­ල­දීය. මේ තරග දිවා රාත්‍රී ලෙස පැවැ­ත්වී­මට නිය­මි­තය.

බට­හිර ඉන්දීය කොදෙව් එක්දින කණ්ඩා­ය­මක් කිරාන් පොලාඩ්ගේ නාය­ක­ත්ව­යෙන් අව­සන් වරට 2020දී මෙරට සංචා­ර­යක නිරත වූ අතර, එහිදී දිමුත් කරු­ණා­ර­ත්නගේ නාය­ක­ත්ව­යෙන් යුත් ශ්‍රී ලංකා පිල 3-0ක් ලෙස තර­ගා­ව­ලිය ජය ගැනී­මට සමත් විය.

තරග කාල­ස­ට­හන

විස්සයි20 තර­ගා­ව­ලිය දඹු­ල්ලේදී

ඔක්. 13 පළමු තර­ගය

ඔක්. 15 දෙවැනි තර­ගය

ඔක්. 17 තෙවැනි තර­ගය

එක්දින තර­ගා­ව­ලිය පල්ලෙ­කැ­ලේදී

ඔක්. 20 පළමු තර­ගය

ඔක්. 23 දෙවැනි තර­ගය

ඔක්. 26 තෙවැනි තර­ගය

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT