Home » ලොරි­යක ගැටුණු පාපැ­දි­කරු මරුට

ලොරි­යක ගැටුණු පාපැ­දි­කරු මරුට

by damith
September 28, 2024 1:18 am 0 comment

බද්දේ­ගම මධ්‍යම විශේෂ ජස්ටින් පති­රගේ

ගෝණ­පී­නු­වල, මහ­වේල්ල අඹ­ග­හ­හ­න්දිය මාර්ගයේ පාපැ­දි­ය­කින් ගමන් කර­මින් සිටි පුද්ග­ල­යකු ලොරි රථ­යක ගැටී­මෙන් බර­ප­තළ තුවාල සිදු වීමෙන් මර­ණ­යට පත්ව ඇති බව ගෝණ­පී­නු­වල පොලි­සිය පැව­සීය.

මෙසේ මර­ණ­යට පත්ව ඇත්තේ ගිණි­මැ­ල්ල­ගහ, බට­හිර ප්‍රදේ­ශයේ පදිංචි 57 හැවි­රිදි දෙදරු පියෙකි. මෙම පුද්ග­ලයා පුද්ග­ලික ආය­ත­න­යක සේවය කොට පසු­ගිය 24 වැනි දින පස්වරැ 6.45ට පමණ ගෝණ­පී­නු­වල නග­ර­යට යතු­රැ­පැ­දි­යෙන් යන අව­ස්ථා­වේදී මෙම අන­තුර සිදුව ඇත. ඔහුගේ බිරිය පසුදා පොලි­සි­යට පවසා ඇත්තේ තම ස්වාමි­පු­රු­ෂයා තමන් සේවය කරන ආය­ත­න­යේම සේවය කරන බවත්, පසුදා වන­තුරු නිවෙ­සට නොපැ­මිණි බවත්ය. ඒ සම­ඟම පොලි­සි­යට තොර­තු­රක් ලැබී ඇත්තේ, නාඳු­නන පුද්ග­ල­යකු මහ­වේල්ල මාර්ගයේ කෑලෑව අසල වැටී සිටින බවයි. පොලි­සිය එම ස්ථාන­යට ගොස් පරීක්ෂා කිරී­මේදී එම පුද්ග­ලයා පැමි­ණිල්ල දැමූ කාන්තා­වගේ ස්වාමි­පු­රු­ෂයා බවට හඳු­නා­ගැ­නී­මෙන් අන­තු­රුව පොලි­සිය තුවා­ල­කරු ආර­ච්චි­කන්ද රෝහ­ලට රැගෙන ගොස් ඇති අතර, වෛද්‍ය­ව­රයා පරීක්ෂා කිරී­මෙන් අන­තු­රුව ඔහු මිය­ගොස් ඇති බවට අනා­ව­ර­ණය කොට ඇත.

මෘත ශරී­රය මරණ පරී­ක්ෂ­ණය සඳහා ගාල්ල කරා­පි­ටිය මහ­රෝ­හ­ලට රැගෙන ගොස් මරණ පරී­ක්ෂ­ණය පැවැත්වූ අධි­ක­රණ වෛද්‍ය නිල­ධාරී අජිත් රත්න­වීර මහතා රිය අන­තු­රින් හිසට සහ මොළ­යට අධික ලෙස ලේ ගැලීම හේතු­වෙන් මර­ණය සිදුව ඇති බවට නිග­ම­නය කොට තිබේ. පොලි­සිය පැව­සුවේ, මෙම අන­තුර සිදු කළ රියැ­දුරු සහ ලොරි රථය අත්අ­ඩං­ගු­වට ගෙන ඊයේ (27) දින බද්දේ­ගම මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය වෙත ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තව තිබූ බවයි.

ගෝණ­පී­නු­වල පොලිස් ස්ථානා­ධි­පති පොලිස් පරී­ක්ෂක එස්.එම්. වේල­තන්ත්‍රි මහ­තාගේ උප­දෙස් මත පොලිස් පරී­ක්ෂක මල­වීර මහතා වැඩි­දුර පරී­ක්ෂණ පව­ත්වයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT