කොස්ලන්ද, අලුත්වෙල, උණකන්ද රක්ෂිතයේ රටකජු වගාවක හොර රහසේ වගා කර තිබූ ගංජා පැළ 275ක් ගිනි තබා විනාශ කර ගංජා පැළ 20ක් සමඟ සැකපිට පුද්ගලයකු ඊයේ (27) අත්අඩංගුවට ගත් බව කොස්ලන්ද පොලිසිය පැවසීය.
ඇඹිලිපිටිය, ඕමල්පේ ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි පුද්ගලයකු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ. කොස්ලන්ද පොලිසියේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇති අතර, වැටලීම සිදු කරන විටත් සැකකරු ගංජා වගාවට සාත්තු කරමින් සිටි බවද පොලිසිය සඳහන් කළේය. වැටලීම සිදු කරන විට ගංජා පැළ අඩි 4ක් පමණ උසට වැවී තිබූ බවද පොලිසිය කීය.
බණ්ඩාරවෙල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදීප් කලුපහන, පොලිස් අධිකාරී ඩී.බී.එච්. කළණසිරි, සහකාර පොලිස් අධිකාරි iv රුවන් ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ උපදෙස් මත කොස්ලන්ද පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිනේෂ් වික්‍රමසිංහ මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.