Home » රට­කජු වගාව මැද ගංජා වවා වැඩ වරදී

රට­කජු වගාව මැද ගංජා වවා වැඩ වරදී

සැක­ක­රු­වෙක් අත්අ­ඩං­ගු­වට

by damith
September 28, 2024 1:19 am 0 comment

සොර­ණා­තොට සමූහ සී. ගමගේ

කොස්ලන්ද, අලු­ත්වෙල, උණ­කන්ද රක්ෂි­තයේ රට­කජු වගා­වක හොර රහසේ වගා කර තිබූ ගංජා පැළ 275ක් ගිනි තබා විනාශ කර ගංජා පැළ 20ක් සමඟ සැක­පිට පුද්ග­ල­යකු ඊයේ (27) අත්අ­ඩං­ගු­වට ගත් බව කොස්ලන්ද පොලි­සිය පැව­සීය.

ඇඹි­ලි­පි­ටිය, ඕමල්පේ ප්‍රදේ­ශයේ පදිංචි 51 හැවි­රිදි පුද්ග­ල­යකු මෙසේ අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ. කොස්ලන්ද පොලි­සියේ නිල­ධා­රීන්ට ලැබුණු තොර­තු­රක් මත මෙම වැට­ලීම සිදු කර ඇති අතර, වැට­ලීම සිදු කරන විටත් සැක­කරු ගංජා වගා­වට සාත්තු කර­මින් සිටි බවද පොලි­සිය සඳ­හන් කළේය. වැට­ලීම සිදු කරන විට ගංජා පැළ අඩි 4ක් පමණ උසට වැවී තිබූ බවද පොලි­සිය කීය.

බණ්ඩා­ර­වෙල ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි ප්‍රදීප් කලු­ප­හන, පොලිස් අධි­කාරී ඩී.බී.එච්. කළ­ණ­සිරි, සහ­කාර පොලිස් අධි­කාරි iv රුවන් ප්‍රනාන්දු යන මහ­ත්ව­රුන්ගේ උප­දෙස් මත කොස්ලන්ද පොලිස් ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක දිනේෂ් වික්‍ර­ම­සිංහ මහතා ඇතුළු නිල­ධා­රීහු වැඩි­දුර පරී­ක්ෂණ පව­ත්වති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT