ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ පැවැති හින්දු ආගමික උත්සවයක් අතරතුර දියේ ගිලීමෙන් දරුවන් 37 දෙනකු ඇතුළුව පුද්ගලයන් 46 දෙනකුට ජීවිත අහිමි වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මිය ගිය අය අතර කාන්තාවන් 7 දෙනකු ද සිටින බව වාර්තා වේ. ගංගා සහ පොකුණුවල දිය නෑමේ ‘ජිවිත්පුට්රිකා‘ නමින් හඳුන්වනු ලබන එම ආගමික උත්සවය බිහාර් ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක රැසක පවත්වා ඇති අතර, දිස්ත්‍රික්ක 15කින් දියේ ගිලීමෙන් එම මරණ වාර්තා වී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය. ‘ජීවිත්පුට්රිකා‘ දිය නෑමේ ආගමික උත්සවය දින තුනක් පුරා පවත්වා ඇති අතර, ගැඹුරු දියේ නෑමෙන් මරණ සිදුවන්නට ඇතැයි බලධාරීන් අනුමාන කර ඇතැයි වාර්තා වේ. අතිවිශාල බැතිමතුන් පිරිසක් එක්රොක් වන ආගමික උත්සව ඛේදවාචකයකින් අවසන් වූ අවස්ථා ඉන්දියාවේ සුලබ සිදුවීම් බවට පත්වී ඇත. පසුගිය ජූලි මාසයේදී උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ආගමික උත්සවයක් අතරතුර අධික තදබදය හේතුවෙන් පුද්ගලයන් 116 දෙනකු ජීවිතක්ෂයට පත්වී තිබිණි.
බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුර 46ක් දියේ ගිලී මරුට
by damith
September 28, 2024 1:05 am
0 comment
94