Monday, April 21, 2025
Home » බිහාර් ප්‍රාන්තයේ හින්දු ආග­මික උත්ස­ව­යක් අත­ර­තුර 46ක් දියේ ගිලී මරුට

බිහාර් ප්‍රාන්තයේ හින්දු ආග­මික උත්ස­ව­යක් අත­ර­තුර 46ක් දියේ ගිලී මරුට

by damith
September 28, 2024 1:05 am 0 comment

ඉන්දි­යාවේ බිහාර් ප්‍රාන්තයේ පැවැති හින්දු ආග­මික උත්ස­ව­යක් අත­ර­තුර දියේ ගිලී­මෙන් දරු­වන් 37 දෙනකු ඇතු­ළුව පුද්ග­ල­යන් 46 දෙන­කුට ජීවිත අහිමි වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මිය ගිය අය අතර කාන්තා­වන් 7 දෙනකු ද සිටින බව වාර්තා වේ. ගංගා සහ පොකු­ණු­වල දිය නෑමේ ‘ජිවි­ත්පු­ට්‍රිකා‘ නමින් හඳු­න්වනු ලබන එම ආග­මික උත්ස­වය බිහාර් ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක රැසක පවත්වා ඇති අතර, දිස්ත්‍රික්ක 15කින් දියේ ගිලී­මෙන් එම මරණ වාර්තා වී ඇතැයි විදෙස් මාධ්‍ය සඳ­හන් කළේය. ‘ජීවි­ත්පු­ට්‍රිකා‘ දිය නෑමේ ආග­මික උත්ස­වය දින තුනක් පුරා පවත්වා ඇති අතර, ගැඹුරු දියේ නෑමෙන් මරණ සිදු­ව­න්නට ඇතැයි බල­ධා­රීන් අනු­මාන කර ඇතැයි වාර්තා වේ. අති­වි­ශාල බැති­ම­තුන් පිරි­සක් එක්රොක් වන ආග­මික උත්සව ඛේද­වා­ච­ක­ය­කින් අව­සන් වූ අවස්ථා ඉන්දි­යාවේ සුලබ සිදු­වීම් බවට පත්වී ඇත. පසු­ගිය ජූලි මාස­යේදී උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ආග­මික උත්ස­ව­යක් අත­ර­තුර අධික තද­බ­දය හේතු­වෙන් පුද්ග­ල­යන් 116 දෙනකු ජීවි­ත­ක්ෂ­යට පත්වී තිබිණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT