Sunday, April 20, 2025
Home » ඒබී මෞරි ලංකා නවීනතම අයිසිං ඇඹරුම් යන්ත්‍රයකින් වැඩ අරඹයි

ඒබී මෞරි ලංකා නවීනතම අයිසිං ඇඹරුම් යන්ත්‍රයකින් වැඩ අරඹයි

by damith
September 28, 2024 1:20 am 0 comment

යීස්ට් සහ බේකරි අමුද්‍රව්‍ය සපයන ප්‍රමුඛපෙළේ සැපයුම්කරුවකු වන ඒබී මෞරි ලංකා සමාගම සිය නවීනතම අයිසිං සීනි ඇඹරුම් යන්ත්‍රයේ කටයුතු නිල වශයෙන් ආරම්භ කිරීම පිළිබඳව මෙයින් සාඩම්බරයෙන් නිවේදනය කරනු ලැබේ.

නවීනතම යුරෝපීය තාක්ෂණයෙන් සමන්විත මෙම පහසුකම මඟින් සැලසුම් කර ඇත්තේ මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, නිෂ්පාදනවල ගුණාත්මකභාවය සහතික කිරීම සහ උසස් තත්ත්වයේ අයිසිං සීනි සඳහා වැඩිවන ඉල්ලුම සපුරාලීමට කටයුතු කිරීමයි. නව යන්ත්‍රයේ ප්‍රධාන ලක්ෂණ:

• උසස් තාක්ෂණය:

ATEX (EU) සහ EHS ප්‍රමිතීන්ට අනුකූල බව සහතික කරන මෙම යන්ත්‍රය නවීනතම යුරෝපීය තාක්ෂණයෙන් සමන්විතය. මෙම නව්‍ය උපකරණය ඇඹරුම් ක්‍රියාවලිය පිළිබඳ නිශ්චිත පාලනයක් ලබාදෙන අතර එහි ප්‍රතිඵලයක් ලෙස උසස් නිෂ්පාදනයන් සිදුකර ගත හැකිය.

• වැඩිදියුණු කළ ආරක්ෂාව:

සිය සේවකයන්ගේ සහ පරිසරයේ ආරක්ෂාවට ප්‍රමුඛත්වය ලබාදෙමින් ඒබී මෞරි ලංකා සමාගම උසස් ආරක්ෂණ පියවර වෙනුවෙන් ආයෝජනය කර ඇත.

• උෂ්ණත්වය පාලනය කරන පරිසරය:

ආහාර සුරක්ෂිතතාව සහ ගුණාත්මකභාවය පිළිබඳ ඉහළම ප්‍රමිතීන් සහතික කරමින් සම්පූර්ණයෙන්ම අනුකූල උෂ්ණත්වය පාලනය කළ පරිසරයක් තුළ අයිසිං සීනි නිෂ්පාදනය සිදුවේ. මෙම පාලිත වා‌යුගෝලය මඟින් ඒබී මෞරි ලංකා සමාගමේ සේවාලාභීන්ගේ දැඩි අවශ්‍යතා සපුරාලමින් ස්ථාවර නිෂ්පාදන ගුණාත්මකභාවයක් පවත්වාගෙන යයි.

• නිෂ්පාදන ධාරිතාව වැඩිකිරීම:

ඒබී මෞරි ලංකා සමාගමේ නිෂ්පාදන ධාරිතාව නව යන්ත්‍රය මඟින් සැලකිය යුතු ලෙස ඉහළ නැංවෙන බැවින් උසස් තත්ත්වයේ අයිසිං සීනි සඳහා වැඩි වන ඉල්ලුම සපුරාලීමට සමාගමට හැකි වනු ඇත. මෙම වැඩිවන ප්‍රතිදානය සමාගමේ සැලසුම් පුළුල් කිරීමට සහාය වන අතර කිරි නිෂ්පාදන, බේකරි, රසකැවිලි සහ අතුරුපස ව්‍යාපාර සඳහා වඩාත් කැමැති සැපයුම්කරුවකු ලෙස එහි තත්ත්වය ශක්තිමත් කරනු ඇත.

• සමාරම්භක උත්සවය සහ ජාත්‍යන්තර පිළිගැනීම:

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්, අතිගරු ඇන්ඩෘ පැට්‍රික් මැතිතුමා අතින් මෙම අයිසිං සීනි ඇඹරුම් යන්ත්‍රය නිල වශයෙන් විවෘත කෙරිණි. මෙම අවස්ථාව යීස්ට් සහ බේකරි අමුද්‍රව්‍ය ක්ෂේත්‍රවල වසර 30 කට අධික වෙළඳපොළ නායකත්වය ඉස්මතු කරන ඒබී මෞරි ලංකා ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. එවැනි සම්භාවනීය අමුත්තකුගේ පැමිණීම මඟින් මෙම නව පහසුකමේ වැදගත්කම සහ දේශීය සහ ජාත්‍යන්තර වෙළඳපොළට එමඟින් ඇතිවිය හැකි විභව බලපෑම අවධාරණය කරයි. ශ්‍රී ලංකාව සමඟ වෙළඳ සබඳතා වැඩිදියුණු කිරීමට බ්‍රිතාන්‍ය රජයේ කැපවීම ද ශක්තිමත් කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT