Home » First Capital Holdings LMD හි ගෞරවාදරයට පත් සමාගම් අතරට

First Capital Holdings LMD හි ගෞරවාදරයට පත් සමාගම් අතරට

by damith
September 28, 2024 1:19 am 0 comment

LMD සඟරාව මඟින් නිර්දේශිත ශ්‍රී ලංකාවේ වඩාත් ගෞරවාදරයට පත් සමාගම් පිළිබඳ ශ්‍රේණිගත කිරීම්100 අතරට එක්වීමට First Capital Holdings PLC පසුගියදා සමත් විය. මෙම ඇගයීම තුළින් සමාගමේ මූල්‍ය ශක්තිය, උපාය මාර්ගික නායකත්වය, මෙහෙයුම් විශිෂ්ටත්වය, ආයතනික පාලනය, සේවක යහපැවැත්ම සහ ශ්‍රී ලංකා ආර්ථිකයට සහ සමාජයට ලබාදෙන දායකත්වය ඇතුළු විශිෂ්ට කාර්ය සාධනය මනාව පිළිබිඹු වේ.

ප්‍රාග්ධන වෙළෙඳපොළ පිළිබඳ වසර 40කට වැඩි විශේෂඥ දැනුමක් සහිත First Capital, සිය සුවිශේෂී ඉදිරි දර්ශනය සහ විශිෂ්ට මෙහෙයුම් කටයුතු තුළින් වෙළඳපොළ ප්‍රමුඛතම බලවේගයක් ලෙස ක්‍රියා කරයි. විචක්ෂණශීලී ආයෝජන තීරණ මඟින් වෙළඳපොළේ සාමාන්‍ය ප්‍රතිලාභවලට වඩා හොඳ මූල්‍ය ප්‍රතිලාභ ලබාදීමටත් ඒ තුළින් ගනුදෙනුකරුවන්ගේ සහ පාර්ශ්වකරුවන්ගේ විශ්වාසය හා ගෞරවය දිනා ගැනීමටත් සමාගම සමත් වී ඇත. ලැයිස්තුගත සමාගමක් වන First Capital දැඩි පාලනයන්ට අනුගත වෙමින් ඉහළ විනිවිදභාවයක් පවත්වාගෙන යයි. තවද ධනාත්මක ඉදිරි දැක්ම වෙනුවෙන් LRA වෙතින් ලබාදී ඇති “A” ශ්‍රේණිගතකිරීම හරහා සමාගම දැඩි පාලන ප්‍රමිතීන්ට අනුකූලවන බව පසක්වනඅතර එමඟින් වෙළෙඳපොළ තුළ සමාගම කෙරෙහි පවතින විශ්වසනීයත්වය තවදුරටත් ඉහළ නංවයි.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය සංවර්ධනය වෙනුවෙන් First Capital දැවැන්ත කාර්යභාරයක් ඉටුකරයි. ඉහළම ආයතනික බදු ප්‍රමාණයක් ගෙවන්නන් අතර ප්‍රමුඛයෙකු ලෙස සිය බදු මුදල් මඟින් ජාතික වර්ධනයට අඛණ්ඩ දායකත්වයක් ලබාදීමට සමාගම කටයුතු කරයි. මීට අමතරව, ශ්‍රී ලංකාවේ මූල්‍ය සාක්ෂරතාව ඉහළ නැංවීම සඳහා ද කැපවී සිටින First Capital, ප්‍රාග්ධන වෙළඳපොළ සහ ඵලදායී ආයෝජනවල ප්‍රතිලාභ පිළිබඳ මහජනතාව දැනුවත් කරමින් ගෞරවණීය ආයතනයක් ලෙස කීර්තියට පත්ව ඇත. LMD හි වඩාත් ගෞරවාදරයට පත් සමාගම් පිළිබඳ ශ්‍රේණිගත කිරීමේ ඇගයීම් ක්‍රියාවලිය සඳහා මෙම සියලුම සාධකයන් නිසැකවම ඉවහල්වී තිබේ.

First Capital Holdings මූල්‍ය ක්ෂේත්‍රය තුළ ගෞරවාදරයට පාත්‍ර වීමට එහි නායකත්වයේ සහ සේවකයින්ගේ විශේෂඥතාව සහ කැපවීම මහඟු පිටිවහලක් වී ඇත. වෙළඳපොළ පිළිබඳ විශිෂ්ට දැනුමක් සහ අත්දැකීම් සම්භාරයකින් පරිපූර්ණ අධ්‍යක්ෂ මණ්ඩලය, සමාගමේ ඉදිරි ගමන්මඟ උපායමාර්ගිකව පෙන්වා දෙන අතර අතිදක්ෂ වෘත්තිකයන්ගෙන් සමන්විත ජ්‍යෙෂ්ඨ නායකත්වය, සමාගම අඛණ්ඩ සාර්ථකත්වයක් කරා මෙහෙයවයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT