Home » පාණදුර රාජකීය නායක කවීෂගෙන් නොදැවුණු ද්විත්ව ශතකයක්
අවුරුදු 19න් පහළ අන්තර් පාසල් දෙදින ක්‍රිකට්

පාණදුර රාජකීය නායක කවීෂගෙන් නොදැවුණු ද්විත්ව ශතකයක්

by mahesh
September 27, 2024 1:00 am 0 comment

ඉෂානි යද්දෙහි
කවීෂ සහ දසුන්

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව සංවිධාන කරන අවුරුදු 19න් පහළ අන්තර් පාසල් දෙදින ක්‍රිකට් තරගාවලියේ තරගයකදී පාණදුර රාජකීය විද්‍යාලයේ නායක කවීෂ පෙරේරා වාද්දුව මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව නොදැවී ද්විත්ව ශතකයක් රැස් කිරීමට සමත් විය.

දකුණත් පිතිකරුවකු වන කවීෂ හතරේ පහර 14ක් සහ හයේ පහර 12ක් සමඟින් නොදැවී ලකුණු 209ක් රැස් කළේ පන්දු 171කිනි. මේ තරගයේදී රාජකීය විදුහලට ලකුණු 226ක දැවැන්ත ජයක් අත්විය. තවත් තරගයකදී ගිරිඋල්ල වික්‍රමශිලා ජාතික පාසලේ නායක දසුන් ඩිල්ෂාන් සඳලංකාව මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව ශතකයක් රැස් කරමින් තුන් ඉරියව් දස්කම් දැක්වීමට සමත් විය.

පාණදුර රාජකීය විදුහලට ලකුණු 226ක ජයක්

පාණදුර රාජකීය පළමු ඉනිම – 345/6 (ඕවර 65) කවීෂ පෙරේරා නොදැවී 209, උදාර ධනංජය 46, චලන දිනෙත් 44, සෙනුර නිලාන් 24 (සහන් දේශක 74/2) සහ දෙවැනි ඉනිම – 157/7 (ඕවර 31.2) චලන දිනෙත් 69, කවීෂ පෙරේරා 31, තිනාල් සොයිසා 29 (පන්සිළු රශ්මිත 21/4)

වාද්දුව ම.ම.වි. පළමු ඉනිම – 95 (ඕවර 27.2) සහන් දේශක 27, ඕෂධ මනහර 26 (රන්මිර ප්‍රනාන්දු 41/4, සත්සර නිලංජිත් 6/3, සදෙව් විජේරත්න 28/2) සහ දෙවැනි ඉනිම – 181 (ඕවර 36.4) දේශාන් මධුසංක 61, පන්සිළු රශ්මිත 41 (සදෙව් විජේරත්න 75/5, රන්මිර ප්‍රනාන්දු 10/2)

බළපිටිය රේවත විදුහලට කඩුල්ලක ජයක්

කරන්දෙණිය ම.ම.වි. පළමු ඉනිම – 191 (ඕවර 58.2) සුපුන් සුදීර 56, සඳරු ලක්ෂාන් 51, අශේන් රසිඳු 21 (සුදේශ් මල්සර 49/5, කවීෂ සංදීප 15/2) සහ දෙවැනි ඉනිම 100 (ඕවර 38.1) දිනුක ධනංජය 39, ලසංග නිමන්ත 20 (සෙතික පෙරේරා 23/5, සුදේශ් මල්සර 32/5)

රේවත පළමු ඉනිම – 125 (ඕවර 40.1) සතික පෙරේරා 33, කවීෂ සංදීප නොදැවී 28, හසිඳු ප්‍රවීන් 24 (චලන අවිෂක 34/4, මතීෂ ප්‍රබෝධන අශේන් රසිඳු 2/25) සහ දෙවැනි ඉනිම – 170/9 (ඕවර 65) කළණ චමෝද් 40, කවීෂ සංදීප 26, ගොවිඳු නිසංසල 24, හසිඳු ප්‍රවීන් 22 (අශේන් රන්සිළු 58/4, රවිඳු තේජාන් 42/3)

පිළියන්දල මැදි-හෝමාගම මහින්ද රාජපක්ෂ

පිළියන්දල ම.ම.වි. පළමු ඉනිම – 304 (ඕවර 90.4) මිහින් ලක්දිනු 92, තරුෂ දිල්සර 58, අදීප සස්මිත 44, තිනෙත් ශාලිංග 26, නෙතුක නිලංජිත් 24 (දෙනුවන් ත්‍රිෂංක 50/5)

හෝමාගම මහින්ද රාජපක්ෂ වි. පළමු ඉනිම – 252/9 (ඕවර 74.4) චනිතු අනුදිත 48, දෙනුවන් ත්‍රිෂංක නොදැවී 38, දිමාන් ලිත්සර නොදැවී 34, දුනාල් ගෙත්මින් 32, නිසල් ඉංෂිත 32, රුවිෂාන් දිනුජය 20 (තිනෙත් ශාලිංග 42/3, අධීප සෂ්මිත 47/3, ශෂික හිරුෂාන් 84/2)

වික්‍රමශිලා-සඳලංකා

ගිරිඋල්ල වික්‍රමශිලා ජා.පා. පළමු ඉනිම – 214 (ඕවර 54.4) හිරුක නෙත්වින් 51, ෂෙහාන් සංදීප 43, පමුදිත ෂෙහාන් 32 (සෙනේෂ් කාවින්ද්‍ය 31/4) සහ දෙවැනි ඉනිම – 245/8 (ඕවර 59) දසුන් ඩිලෂාන් 10, මාලිංග ගයාන් නොදැවී 54 (සයුර සංකල්ප 61/5)

සඳලංකාව ම.ම.වි. පළමු ඉනිම – 156 (ඕවර 63.1) ධමීෂ සකුන් 47, ෂෙහාර දිල්සර 30 (දසුන් ඩිල්ෂාන් 37/5, මානෙත් ඉඳුවර 15/2, මිතුම් ගිංතොට 29/2) සහ දෙවැනි ඉනිම – 103/4 (ඕවර 13) මිනෙත් සසංක නොදැවී 53 (මිතුම් ගිංතොට 31/2)

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT