Home » මාධ්‍ය සාක්ෂරතාවය ගැන පුහුණුවක් රත්නපුරදී

මාධ්‍ය සාක්ෂරතාවය ගැන පුහුණුවක් රත්නපුරදී

by mahesh
September 27, 2024 1:00 am 0 comment

කුරුවිට - කේ.ඒ. සුනිල්

තෝරාගත් මාධ්‍යවේදීන් පිරිසකට හා මාධ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව උනන්දුවක් දක්වන තරුණ තරුණියන් පිරිසකට මාධ්‍ය සාක්ෂරතාවය පිළිබඳ පුහුණු වැඩමුළුවක් ඉකුත් දා රත්නපුර සත්තපාදී උත්සව ශාලාවේදී පැවැත්විණ.

අයිරෙස් ආයතනය හා ප්‍රජා සංවර්ධන පදනම (CDF) එක්ව මෙම වැඩමුළුව සංවිධානය කර තිබූ අතර, තොරතුරු ඒත්තු ගැන්වීම, කරුණු හා මත ප්‍රචාරණය, ප්‍රචාරණය හා සම්ප්‍රචාරණය, සම්ප්‍රචාරණය හා වෙළෙඳ ප්‍රචාරණය, සත්‍යාපනය, දුෂ් තොරතුරු මූලාශ්‍ර තොරතුරු තහවුරු කර ගැනීම, ඒකාකෘති ඇතුළු මාතෘකා රැසක් යටතේ දැනුම්වත් කිරීම් සිදු කළ අතර, දේශන හා මෙම දැනුම්වත් කිරීම් ආචාර්ය දසුන් දංවත්ත, නීතිඥ ගඟන මුණසිංහ යන මහත්වරුන් විසින් සිදු කරනු ලැබිණ.

මෙම වැඩමුළුව අවසානයේ දැනුම්වත් කිරීම් පිළිබඳව පසුවිපරමක් සිදු කර කණ්ඩායම් ක්‍රියාකාරකම් හා ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු ලබාදීමක් ද සිදු වුණු අතර, මෙම වැඩමුළුව සඳහා අයිරෙස් ආයතනයේ මුදල් කළමනාකරු සී. ජනුස්සන්, ප්‍රජා සංවර්ධන පදනමේ අධ්‍යක්ෂ පැන්සිස් චාල්ස් මොහාන් රවී, සම්බන්ධීකාරක ක්‍රිෂාලී නවරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT