Home » වල්අලි ගම් වැදී ජන ජීවිතවලට පීඩා

වල්අලි ගම් වැදී ජන ජීවිතවලට පීඩා

by mahesh
September 27, 2024 1:00 am 0 comment

කැබිතිගොල්ලෑව සමූහ - එස්.ජී. උබේපාල
පොල් හා කෙ‍ෙසල් වගා­වන් විනාශ කර ඇති අයුරු.

කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අප්පුවැව, නිකවැව, හඳගල, පුලියන්කුලම, ටිකිරිහැන්දෑව, බෝ ගහවිල, ඇටවීරගොල්ලව යන ගම්මානවල ජනතාවට මේ දිනවල වල්අලි ගම්වැදී සිදුකරන හානි හේතුවෙන් දැඩි ලෙස පීඩාවට පත්ව ඇති බව ගම්වාසීහු පවසති.

ඉකුත් 24 වැනි දින රාත්‍රියේ හඳගල, කළුවකැල රක්ෂිතයේ සිට පැමිණ ගම් වැදුණු වල්අලියකු ගම්මානයේ නිවාස තුනකට හානි සිදුකර එම නිවාස තුළ ගබඩා කර තිබූ වී සහ ගෙවතුවල වගා කර තිබෙන භවභෝග වගාවන්වලට හානි කර ඇත.

මෙම ගම්මාන ආරක්ෂා වන පරිදි අලි වැටක් නොමැතිවීම හේතුවෙන් මෙම වනඅලි ගම් වැදීම සිදුවන බවත්, මේ සඳහා කඩිනමින් විසඳුමක් ලබාදීමට කටයුතු කරන ලෙසත් ගම්වාසීහු අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT