මාවනැල්ල ප්‍රාදේශීය සභාවට අයත් හෙම්මාතගම නගරයේ ජනතාව බැහැර කරන කුණු එකතු කිරීම විධිමත්ව සිදු නොවීම නිසා සුනඛයන් ඒවා තැන තැන ඇද දමා ගොස් ඇති අතරම සමහර කුණු මලු ප්‍රධාන මාර්ගයේ මාර්ග සංඥා කණුවල එල්ලා ඇති අයුරු ප්‍රදේශය පුරා සංචාරය කරද්දී දැක ගත හැකි විය. හෙම්මාතගම නගරය අතුපතු ගා සුද්ධ පවිත්‍ර කර දැමීම සඳහා මාවනැල්ල ප්‍රාදේශීය සභාව විසින් කම්කරුවන් දෙදෙනකු පත් කර ඇති අතර ඔවුන් එම රාජකාරි කරන ස්ථාන කිහිපයක කුණු එක් රැස් කර තබයි. සමහර දිනවල කුණු රැගෙන යෑමේදී සමහර ස්ථානවල කුණු ඉතුරු වෙන අතර ඒවා සුනඛයන් අවුස්සන බවද ජනතාව පවසති. එසේ සිදු වී ඇති අයුරු අපට ද දැකගත හැකි විය. ජනතාව පවසන්නේ කුණු එකතු කිරීම මීට පෙර උදෑසන 9 වෙන්නට කලින් සිදු වුවත් දැන් දැන් එය දවසේ ඔවුන්ට සිතුණු අවස්ථාවන්වලදි සිදු කරන බවය.
සමහර දිනවල කුණු එකතු කිරීමට ප්‍රාදේශීය සභාවේ වාහන පැමිණෙන්නේ නැති බවද ඔවුහු පවසති.
අප මේ සම්බන්ධයෙන් මාවනැල්ල ප්‍රාදේශීය සභාවෙන් කර විමසීමකදී පැවසූයේ දිනපතා කුණු එකතු කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළක් යොදා ඇති හෙයින් එම නිලධාරීන්ගෙන් ඒ සම්බන්ධයෙන් විමසීමක් සිදු කරන බවට පොරොන්දු වූ බවය.