නවගමුව රණාල ප්‍රදේශයේ වගුරු බිමක තිබී මිනිස් ඇටකටු තොගයක් (26) දා සවස සොයාගත් බව නවගමුව පොලිසිය පවසයි.
119 හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරකට අනුව නිලධාරී කණ්ඩායමක් එම ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේදී නවගමුව පොලිස් වසමේ අංක 111/ADI රනාල,නවගමුව ලිපිනය ආසන්නයේ පිහිටි වගුරුබිමක තිබි මෙම මිනිස් ඇටකටු තොගය සොයා ගත් බව වාර්තා වෙයි.
මේවා කිසියම් පුද්ගලයෙකු ඝාතනය කොට මෙම ස්ථානයට ගෙනවිත් දමා ඇති බවට පොලිසිය සැක කරන අතර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වේ.
ඒ අනුව සිද්ධිය වූ ස්ථානයට කඩුවෙල මහේස්ත්‍රාත්වරයා හා අපරාධ ස්ථාන පරීක්ෂණ අයතන නිලධාරීන් පැමිණ පරීක්ෂණ ආරම්භ කළ අතර සොයාගත් මිනිස් ඇටකටු තොගය රජයේ රස පරීක්‍ෂකවරයා වෙත යොමු කිරීමට නියමිතව තිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් නවගමුව පොලිසිය පරීක්ෂණ පවත්වති.