ගම්පහ නගරය යනු පාසල් දරුදැරියන් සහ උපකාරක පන්තිවලට සහභාගි වන යොවුන් වියේ පසු වන දූදරුවන් සුවහසක් නිරතුරුවම ගැවසෙන ප්‍රධාන නගරයකි. එවන් පසුබිමක ගම්පහ දුම්රිය ස්ථානයේ ප්‍රධාන පිවිසුමේ පිටවීමේ ගේට්ටුව අසල දැන්වීම් පුවරුවට ඉහළින් සවි කර ඇති බඳුනක අවැසි අයට නොමිලේම රැගෙන යෑමට හැකි වන පරිදි උපත්පාලන කොපු බඳුනක් සවි කර ඇති අයුරු මේ දිනවල එහි යන අයකුට දැකිය හැකි දසුනකි.
මෙහි අර්ථය කුමක්දැයි දුම්රිය ස්ථානයේ සේවයේ නිරත නිලධාරි මහතකුගෙන් අප විමසූ විට ඔහු පැවසුවේ එය වෙනත් ආයතනයක වුවමනාවට එහි තබා ඇති බවකි.
දුම්රිය ස්ථානය යනු කිසි සේත් සංචාරක හෝටලයක් හෝ කාමර කුලියට සපයන තානායමක් හෝ ඔසුසලක් හෝ නොවන බැවින්, උපත්පාලන කොපු බහාලුමක් මේ ස්ථානයේ තැබීමේ අරමුණ කුමක්ද? සැබවින්ම මෙවැනි සුප්‍රසිද්ධ දුම්රිය ස්ථානයක උපත්පාලන කොපු බහාලූ ඇසුරුමක් ප්‍රසිද්ධියේ තැබූවේ කාගේ අවශ්‍යතාව මතද යන්න සොයා බැලිය යුතු කරුණකි.