ආසියාවේ බලවත්ම රටවල් අතුරින් රුසියාව සහ ජපානය අබිබවා තුන්වැනි ස්ථානයට පත්වීමට ඉන්දියාව සමත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඉන්දු පැසිෆික් කලාපයේ රටවල් සහ ස්වයං කලාප 26ක් ඇතුළත් කරමින් ඔස්ට්‍රේලියාවේ ලෝවි ආයතනය විසින් වාර්ෂිකව ශ්‍රේණිගත කරනු ලබන ආසියාවේ බලවත් රටවල් ලැයිස්තුවේ මෙතෙක් සිව්වැනි ස්ථානයේ පසුවූ ඉන්දියාව තුන්වැනි ස්ථානයට පත්වී ඇත්තේ ජපානය සිව්වැනි තැනට ඇද දමමින් බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය. ඉන්දු පැසිෆික් ක්‍රියාකාරකම් මත අමෙරිකාව පළමු ස්ථානයටත්, චීනය දෙවැනි ස්ථානයටත් පත්ව සිටින බව වැඩිදුරටත් වාර්තා වේ.
ආර්ථික සබඳතා, හමුදා ශක්තිය, සංස්කෘතික බලපෑම් සහ දේශපාලන ස්ථාවරත්වය මත පදනම්ව ජාතික බලය අගයනු ලබන ආසියාවේ බලවත්ම රටවල් අතර ඔස්ට්‍රේලියාව පස්වැනි ස්ථානයේ පසුවන අතර, රුසියාවට හිමිවී ඇත්තේ 6 වැනි ස්ථානය බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
දකුණු කොරියාව, සිංගප්පූරුව, ඉන්දුනීසියාව, තායිලන්තය සහ මැලේසියාව එම ලැයිස්තුවේ පිළිවෙළින් 7 වැනි ස්ථානයේ සිට 11 වැනි ස්ථානය දක්වා ශ්‍රේණීගත කර ඇත. පාකිස්තානය එම ලැයිස්තුවේ 16 වැනි ස්ථානයේ පසුවන අතර, බංග්ලාදේශය 20 වැනි තැනත්, ශ්‍රී ලංකාව 21 වැනි තැනත් රැඳී සිටී.