විදත් වීසා ක්‍රමය යටතේ ජාවාරම් කිරීමට ගොස් දැන් දුක් විඳින්නේ පාස්පෝට් ලොක්කාය. රාජ්‍ය යන්ත්‍රණය කාර්යක්ෂම කිරීමේ නාමයෙන් සිය ජාවාරම ජයටම සිදු කිරීම සමහරුන්ගේ වුවමනාව වන්නේය. කොඩිය වනන්නේ ‘කඩිනම්’ ලකුණ යටතේය. ඒ පිටුපස්සේ ඇත්තේ වෙනම කතාවක් බව දැන ගැනීමට හැකි වන්නේ තැපෑලෙන්ය. මේ වූ කලී ශ්‍රී ලංකාවේ හම්බු කිරීමේ කලාවේ එක් පැතිකඩකි. ජනීජනයා දහදුක් විඳගෙන ණයවී සිය ජීවන පිළිවෙත අසීරුවෙන් ගෙන යන්නේය. තවත් පිරිසක් නෛතික රාමුව තුළ ව්‍යාපාර සිදු කරන්නේය. ඒවා කැපවීමෙන් ජීවත් වෙන ආකරයන්ය. මේ රටේ ව්‍යාපාරික සහ ධනය හිමි පන්තියක් ඇත්තේය. එය සෑම සමාජ තලයකම මුදුනේ සිටින බලය අතේ ඇති කාණ්ඩයය. ඡන්දයක් ළංවෙන විට සියලු බලඅධිකාරීන් අපට සමීප වී, ඡන්දය ඉල්ලන්නේ වුවද ඒ සතියෙන් දෙකෙන් පසුව, මේ රට පාලනය කරනු ලබන්නේ ඉහත ව්‍යාපාරික පන්තිය සහ තවත් ජාවාරම්කාර ගැන්සියකි.
අද මේ තීරුව සිය අවධානය සඳහා පාත්‍ර කරනුයේ ඒ ආකාරයේ ජාවාරම්කාර කල්ලිය පිළිබඳය. ඒ මතු නොව රාජ්‍ය සේවයෙන් ඉටු විය යුතු අනිවාර්ය කාර්යයන් සඳහා තමන් වෙත පවරා ඇති බලය, සාක්කුව පිරෙන තුරු හෝ අන් අභිමතාර්ථ සාධනය සඳහා යොමු කර ගන්නා පිරිස් ගැන ද අද කතාව දිග හැරෙන්නේය.
පාස්පෝට් කන්තෝරුව යනු අප ගමන් බලපත්‍රය ලබා ගන්නා ස්ථානයක් වන්නේය. ඒ ආකාරයේ ආයතනයක් ඇති කර ඇත්තේ මේ රටේ ජනතාවගේ සහ මේ රටට පැමිණෙන පිරිස සඳහා නෛතික රාමුවක් යටතේ ආගමන සහ විගමන කටයුතු සිදු කිරීමටය.
මේ කන්තෝරුවේ සිටින්නා වූ සාතිශය බහුතර සේවක ඇලිය, වැඩට එන්නේ ඒ අරමුණින් නොවේ. වට්ටිය බලාගෙනය. කොළඹ කොටුවේ චෛත්‍ය පාරේ ආරම්භක අවධියේ තිබූ පාස්පෝට් කන්තෝරුව, පස්සේ කාලෙක බම්බලපිටියේ මුහුද අද්දර ගොඩනැඟිල්ලකට ආවේය. පුංචි බොරැල්ලේ ද කාලයක් මේ ඔෆිස් එක පිහිටා තිබුණේය. දැන් ඇත්තේ බත්තරමුල්ලේ ‘පායකය’. පහසුකම් සහ අලංකාරය අනුව ගත් කල, ස්ථානීය අගය පැත්තෙන් ආරෝහණ ආකාරයේ වර්ධනයක් ඒ ආකාරයට සිද්ධ වූයේය. අතින් ලියන ලද ගමන් බලපත්‍රය, පරිගණක තාක්ෂණයෙන් මුද්‍රණය වන්නට පටන්ගෙන, දැන් එය ඇත්තේ ඩිජිටල් තලයකය.
එහෙව් ආකාරයේ මතුපිට වෙනසක් වූයේ නමුදු, ඇතුළේ වට්ටිය අඛණ්ඩව කැරකුණේය. ගමන් බලපත්‍ර සාදා ගැනීමට යන අයෙක් වෙත ඩොකියුමන්ට් අඩුපාඩු ඇත්තේ නම්, ඒ සඳහා පිළියම එළියේ සිටින බ්‍රෝකර් කෙනෙක් ලවා ඇතුළෙන්ම වැඩේ කර ගැනීමය. එය පහසුය. රස්තියාදු නැත. අඩු ලියකියවිලි සොයා යළි යා යුතු නැත. මේ වට්ටිය සඳහා සම්මාදම ලැබෙන එක ක්‍රමයකි. අනෙක් ක්‍රමය හොර වැඩය. වයස අඩුවෙන් දමා ගැනීමේ සිට රූපයට නම මාරු කර ගැනීම ආදී සුවහසක් කාරණා එම පැකේජය යටතේ ලබාගත හැකිය. මේ සියල්ල සඳහා ටිකට් කඩනු ලබන්නේ සිතූ සිතූ ආකාරයටය. ගමෙන් ආ අයෙක් අන්දවාගෙන ගන්නා ගාණට වඩා සුපිරි පැළැන්තියට ගෙදරටම ගෙනැවිත්, අත්සන් තබා ලබාදෙන, ඩිලිවරි සර්විස් එක සඳහා ඉහළ මිලක් අය කරනු ලැබේ.
මේ සියල්ල පියන්ගේ සිට ලොකු පුටුව දක්වා දෛනිකව බෙදී යන්නේය. ලොක්කාගේ හොඳ හිත දිනාගත්, දෙවැනි මට්ටමේ නිලධාරියෙක් වට්ටිය කරකැවීමේ ප්‍රධානියා වන්නේය. හෙතෙම සැමට සාධාරණ ආකාරයෙන් ‘මුළු එකතුව’ ලැබිය යුතු පංගුව අනුව සන්ධ්‍යාව වන විට බෙදා දෙන්නේය. මෙතැනදී ලැබෙන මිල ගණන් ආදිය ආසන්න වශයෙන් හෝ සඳහන් නොකරන්නේ, මේ රටේ අනාගත පරපුර සිය රැකියා ඉලක්කය බවට පාස්පෝට් කන්තෝරුව පත් කර ගනිවී යන බිය නිසාය.
ඒ ආකාරයට ඇතුලේ ගැට ඇත්තේය. පිටත ගැට වූ කලී පෙරේදා සිද්ධියය. නඩු තීන්දුව අදාළ දිනයේ ලබාදෙන තෙක්, ඒ මහතා වරදකරු නොවන බව ඇත්තය. එසේ වුවද ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගයක් පසෙක දමා කරගෙන ගිය ආකාරයට වැඩ කටයුතු කිරීමේ ආදීනව දැන් හෙතෙම විඳවන්නේය.
විදත් වීසා ක්‍රමය යටතේ වීසා නිකුත් කිරීමට රජය ගෙන තිබූ තීරණය බලරහිත කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් ලබා දුන්නේ අගෝස්තු 02 වැනිදාය.
අධිකරණ තීන්දුව අතිශය සරලය. විදත් වීසා ක්‍රමය බලරහිත කරමින් හා පැරණි වීසා බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමය වීසා නිකුත් කරන ලෙසට ආගමන විගමන පාලක ජනරාල්වරයාට මේ අතුරු තහනම මගින් නියෝග කළේය. මාසයකට අධික කාලයක් තිස්සේ ඒ තීන්දුව අනුව නොව සිය තීන්දුව අනුව පාස්පෝට් ලොක්කා කාර්යයයේ නිමග්න විය.
මෙය සමස්ත වශයෙන් ඔහුගේ වුවමනාවක් නොවිය හැකිය. නව ක්‍රමයෙන් වාසි ලබනා ඉහළ පාර්ශ්වය දුන් අණ අනුව එසේ වූවා විය හැකිය. රාජ්‍ය නිලධාරීන් තේරුම්ගත යුත්තේ මේ ටිකය. දෑතට විලංගු වැටෙන විට, අණ දුන් සහ වාසියේ උපරිම කොටස ලබා ගත් පිරිස සිද්ධියේ නැත.
රාජ්‍ය සඳහා වූ විනිවිදභාවය පෙඟී යෑමේ විපාකය, රටක් ලෙස සහ අවසානයේ ඒ සඳහා තීන්දු ගත් පිරිසට ද මේ ආකාරයට අත්දකින්නට සිදු වන්නේය.