91
පෙරියකුලම් ප්‍රදේශයේ කැලෑවක පොහොර බෑග් කිහිපයක දමා වළ දමා තිබූ කොටි සංවිධානයේ නිල ඇඳුම් කට්ටල තුනක් පෙරේදා (24) පස්වරුවේ සොයාගැනීමට හැකි වූ බව නිලාවේලි පොලිසිය පැවසීය.
ශ්‍රී ලංකා නාවික නෞකා විජයබා කඳවුරේ නාවික බුද්ධි නිලධාරින්ට ලද තොරතුරක් අනුව එම බුද්ධි නිලධාරින් හා එක්ව කළ වැටලීමකදී මෙම නිල ඇඳුම් වළ දමා තිබී ගොඩ ගැනිණ. මෙම නිල ඇඳුම් වළ දමා තිබූ ස්ථානයේ යුද ගැටුම් සමයේ එල්.ටි.ටී.ඊ. කඳවුරක් තිබුණු බවට තොරතුරු ලැබී ඇති අතර, මේ සම්බන්ධයෙන් නිලාවේලි පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී.ඩී. නිශාන්ත කුමාර මහතාගේ මෙහෙයවීම යටතේ වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.
ත්‍රිකුණාමලය විශේෂ ඒ.ටී.එම්. ගුණානන්ද