Home » ඉන්දියාවෙන් බිත්තර ආනයනය නතර කරයි

ඉන්දියාවෙන් බිත්තර ආනයනය නතර කරයි

by chanaka
September 26, 2024 11:52 am 0 comment

indian eggs

දේශීය බිත්තර මිල අඩු වීම හේතුවෙන් ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීම නවතා දමා ඇතැයි රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථා ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

පසුගිය කාලය තුළ දේශීය බිත්තර මිල රුපියල් 55, 65 දක්වා ඉහළ යාම හේතුවෙන් සහන මිලකට ජනතාවට බිත්තර ලබා දීම සඳහා ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට පසුගිය රජය පියවර ගත්තේය.

මාසයකට බිත්තර මිලියන 3 බැගින් ආනයනය කිරීමට අවශ්‍ය ප්‍රසම්පාදන කටයුතු පවා අවසන් කර තිබූ බවද වාර්තාවේ.

මේ වනවිට දේශීය බිත්තර මිල පහළ යාම හේතුවෙන් ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීම අවශ්‍ය නැතැයි එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT