Home » කෑගල්ල හිටපු නගරාධිපති එච්.ආර්.එස්.යූ. නිස්සංක අභාවප්‍රාප්ත වෙයි

කෑගල්ල හිටපු නගරාධිපති එච්.ආර්.එස්.යූ. නිස්සංක අභාවප්‍රාප්ත වෙයි

by sachintha
September 26, 2024 1:00 am 0 comment

කෑගල්ල හිටපු නගරාධිපති එච්.ආර්.එස්.යූ. නිස්සංක මහතා පෙරේදා (24) අභාවප්‍රාප්ත විය. මිය යන විට 80 වියේ පසු වූ නිස්සංක මහතා දෙදරු පියෙකි. 1989 වර්ෂයේදී නාගරික මන්ත්‍රීවරයකු ලෙස කෑගල්ල නගර සභාවට තේරී පත් වී ඇති නිස්සංක මහතා 2018 දක්වා නොකඩවා වසර 29ක් මන්ත්‍රීවරයකු ලෙසත් 1997 සිට 2002 දක්වා කෑගල්ල නගරාධිපතිවරයා ලෙස වසර පහක කාලයක් සේවය කර තිබේ. නගරාධිපතිවරයා ලෙස සේවය කරන කාලයේදී කෑගල්ල මහ නගර සභා ආදාහනාගාරය, නගර සීමාව තුළ පිහිටි වැසිකිළි උතුරා යන අවස්ථාවේදී පළමු ගලි බවුසරය නගර සභාවට ලබා ගැනීම, දැනට නිදහස් මාවත ආසන්නයේ පවත්වාගෙන යන කෑගල්ල සති පොළ භූමියේ ඉඩම අත්පත් කර ගැනීමට මූලිකව කටයුතු කිරීම, රොක්හිල් පාලම විශාල කිරීම, අසෝකාරාම විහාරස්ථානය ආසන්නයේ පිහිටි පාලම විශාල කිරීම වැනි සංවර්ධන කටයුතු රැසක් ඒ මහතාගේ කාලයේ දී සිදු කර තිබේ. දේහය දැනට කෑගල්ල හෙට්ටිමුල්ල පාරේ පින්නගොල්ල වත්තේ නිවෙසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු හෙට (27) සවස 6ට කෑගල්ල ආදාහනාගාරයේදී සිදු කිරීමට නියමිතය.

කෑගල්ල විශේෂ – චමින්ද ජයලත්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT