Home » බදුල්ල දිසාවේ වියළි කාලගුණයෙන් පවුල් 79ක පුද්ගලයන් 314ක් විපතට බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක ශ්‍රී ප්‍රභාත්

බදුල්ල දිසාවේ වියළි කාලගුණයෙන් පවුල් 79ක පුද්ගලයන් 314ක් විපතට බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක ශ්‍රී ප්‍රභාත්

by sachintha
September 26, 2024 2:26 am 0 comment

බදුල්ල දිස්ත්‍රික්කයේ පවතින අධික වියළි දේශගුණික තත්ත්වයත් සමඟ විවිධ ආපදාවලින් ඊයේ (25) වන විට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 6ක පවුල් 79ක පුද්ගලයන් 314ක් විපතට පත්ව නිවාස 6කට අර්ධ හානි සිදුවී ඇතැයි බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේවර්ධන මහතා පවසයි.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.

“දැඩි නියඟයෙන් පානීය ජලය නොමැතිව හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඌවතැන්න ග්‍රාම සේවා වසමේ පවුල් 40ක පුද්ගලයන් 165ක්, හල්දුම්මුල්ල පවුල් 33ක පුද්ගලයන් 128ක් විපතට පත්ව සිටිනවා. ඔවුන්ට අවශ්‍ය පානීය ජල පහසුකම් දෙනවා.

මීට අමතරව අධික සුළං හේතුවෙන් හාලිඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කොකටියමලුව ප්‍රදේශයේ පවුලක් විපතට පත්ව නිවාසයකට අර්ධ හානිවී තිබෙනවා. හපුතලේ පංකැටිය පවුලක පුද්ගලයන් දෙදෙනකු විපතට පත්ව නිවාසයකට අර්ධහානි, කන්දකැටිය දික්කුඹුර පවුලක පුද්ගලයන් හය දෙනකු විපතට පත්ව නිවසකට අර්ධහානි, ඇල්ල කරදගොල්ල පවුලක පුද්ගලයන් සිව් දෙනකු විපතට පත්ව නිවසකට අර්ධහානි, හෙට්ටිපොළ ගිනිගැනීම්වලින් පවුල ක පුද්ගලයන් සිව් දෙනකු විපතට පත්ව නිවසකට අර්ධහානි, පස්සර පරමංකඩ අකුණු අනතුරුවලින් පවුලක පුද්ගලයන් සිව් දෙනකු විපතට පත්ව නිවසකට අර්ධහානි සිදු වී තිබෙනවා.”

සී. ගමගේ – සොරණාතොට සමුහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT