නීති විරෝධි ලෙස බ්‍රිතාන්‍ය ජාතිකයෙකු විසින් මෙරටට රැගෙන ආ කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් අද(26) උදෑසන කටුනායක රේගු නිලධාරීන් භාරයට ගෙන තිබේ.
මෙම කුෂ් තොගයේ බර කිලෝ 43යි ග්‍රෑම් 600කට ආසන්න බරකින් යුතු වේ.
ඉතිහාසයේ විශාලතම කුෂ් මත්ද්‍රව්‍ය වැටලීම බව රේගු නිලධාරීන් පවසයි.
විදේශිකයා විසින් රැගෙන ආ ගමන් මලු දෙකක මෙම මත්ද්‍රව්‍ය තිබී ඇතැයිද එහි වටිනාකම රුපියල් කෝටි 44කට ආසන්න බවද රේගුව සඳහන් කළේය.
අත්අඩංගුවට ගෙන ඇත්තේ 21 හැවිරිදි අයෙකු වන අතර ඔහු බ්‍රිතාන්‍ය ආරක්ෂක සේවා නිලධාරියෙක් බවද වාර්තාවේ.
කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති “හරිත මාවත” ( Green Channel ) ඔස්සේ පිටව යාමට පැමිණ සිටි මොහුගේ අසාමාන්‍ය හැසිරීම් රටාව නිරීක්ෂණය කළ රේගු නිලධාරීන් , මොහු නවතා , මොහු විසින් රැගෙන විත් තිබූ ගමන් මලු දෙක පරීක්ෂා කිරීමේදී මෙම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබේ.
සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන සඳහා සැකකරු කටුනායක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන ඇත.
කටුනායක ටී.කේ.ජී.කපිල