Home » ‘ලෙබනනයෙන් වහා ඉවත් වෙන්න’

‘ලෙබනනයෙන් වහා ඉවත් වෙන්න’

- එරට සිටින පුරවැසියන්ට බ්‍රිතාන්‍ය අගමැතිගෙන් උපදෙස්

by sachintha
September 26, 2024 1:58 am 0 comment

හෙස්බුල්ලා සංවිධානය ඉලක්ක කරමින් ඊශ්‍රාලයෙන් දරුණු ප්‍රහාර එල්ල වීම හේතුවෙන් ලෙබනනයෙන් වහාම ඉවත් වන ලෙස බ්‍රිතාන්‍ය අගමැති ශ්‍රීමත් කීර් ස්ටාමර් එරට සිටින සිය පුරවැසියන්ට උපදෙස් දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසුගිය දින කිහිපය පුරා ලෙබනනයේ තත්ත්වය දැඩි ලෙස නිරීක්ෂණය කළ බවත්, එරට සිටින බ්‍රිතාන්‍ය පුරවැසියන්ට දැන් එරටින් ඉවත්වීමට වේලාව පැමිණ ඇති බවත් අගමැතිවරයා වාර්තාකරුවන් අමතා ප්‍රකාශ කළ බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

බ්‍රිතාන්‍ය ජාතිකයන් දසදහසක් පමණ ලෙබනනයේ සිටින බවට තක්සේරු කර ඇති අතර, ලෙබනනයේ බීරුට් නුවර ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ මෙහෙයුම් තවමත් ක්‍රියාත්මක වන බැවින් එරට සිටින බ්‍රිතාන්‍ය ජාතිකයන් හැකි ඉක්මනින් ආසන වෙන් කරගත යුතුව ඇතැයි බ්‍රිතාන්‍ය රජය නිවේදනය කර ඇතැයි ද වාර්තා වේ.

අවදානම් තත්ත්වයක් උද්ගත වුවහොත් ලෙබනනයේ සිටින බ්‍රිතාන්‍ය ජාතිකයන්ට උපකාර කිරීමට එරට හමුදා කණ්ඩායම් කිහිපයක් මේ වන විට සයිප්‍රස් රාජ්‍යය බලා පිටත්ව ඇති අතර, බීරුට් ගුවන්තොටුපොළ වසා දැමීමට සිදුවුවහොත් ඔවුන් මුදා ගැනීම බ්‍රිතාන්‍ය රජයේ අරමුණ බවද වාර්තා වේ. 700කට අධික හමුදා කණ්ඩායමක් සයිප්‍රස් බලා පිටත්ව ගිය බව බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍යාංශය නිවේදනය කර තිබේ. සයිප්‍රස් රාජ්‍යය ලෙබනනයට වයඹ දෙසින් කිලෝමීටර් 300ක පමණ දුරින් පිහිටා ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT