Wednesday, April 23, 2025
Home » පොලිස් විශේෂ කාර්ය බළකායේ කමල් මායාදුන්නේට ජාත්‍යන්තර කායවර්ධන ජයක්

පොලිස් විශේෂ කාර්ය බළකායේ කමල් මායාදුන්නේට ජාත්‍යන්තර කායවර්ධන ජයක්

by sachintha
September 25, 2024 12:59 am 0 comment

 

ඉන්දීය කායවර්ධන සංගමය මඟින් සංවිධාන කළ ‘2024 Mr. Universe India’ කායවර්ධන ශූරතාවලියේදී රිදී පදක්කමක් දිනා ගැනීමට කමල් මායාදුන්නේ සමත් විය.

ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 100කට අධික සංඛ්‍යාවක් එක්වූ මේ තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක් වූ කමල් මායාදුන්නේ කිලෝග්‍රෑම් 70 බර පන්තියෙන් රිදී පදක්කම දිනාගත් අතර, සමස්ත තරගාවලියේදී ඔහුට සිව්වැනි ස්ථානය හිමි විය.

ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බළකායේ පොලිස් සැරයන්වරයකු ලෙස සේවය කරන මායාදුන්නේ පොලිස් කායවර්ධන කණ්ඩායමේ නායකයා ද වන අතර, ඔහු දිනාගත් දෙවැනි ජාත්‍යන්තර ජයග්‍රහණය මෙයයි.

මින් පෙර ආසියානු අයෝමය පුරුෂයා තරගාවලියේ දෙවැනි ස්ථානය දිනා ගැනීමට සමත් වූ මායාදුන්නේ නොයෙකුත් දුෂ්කරතා මධ්‍යයේ කායවර්ධන ක්‍රීඩාවේ නිරත වන අතර, ඔහුගේ අප්‍රතිහත ධෛර්ය හා දැඩි අධිෂ්ඨානය මතින් ආසියාවේ නම් දැරූ අයෝමය පුරුෂයන් හා විශිෂ්ට අයුරින් තරඟ වදිමින් මේ ජය අත්කර ගත්තේය. ඔහුගේ පුහුණුකරු ලෙස නිරංජන් කුමාර මහතා කටයුතු කරයි.

මේ තරගාවලියේ ජයග්‍රාහකයන් 2025 ආනෝල් ක්ලැසික් තරගාවලිය සඳහා ඍජුවම සුදුසුකම් ලබා ගත්හ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT