Home » ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන අවසන් තීරණය CID වාර්තාව ලැබුණු පසුව

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන අවසන් තීරණය CID වාර්තාව ලැබුණු පසුව

-විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර

by sachintha
September 25, 2024 12:14 am 0 comment

පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රය පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ වාර්තාව ලැබුණු පසුව විභාගය නැවත පවත්වන්නේ ද නැද්ද සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ‘දිනමිණට’ ඊයේ (24) පැවසීය.

මෙම විභාගයට අදාළව ප්‍රශ්න පත්‍ර ඇගැයීම් කටයුතු මේ වන තෙක් සිදු කර නැති බවත් ඇගැයීම් කටයුතු සිදු කරනුයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ වාර්තාව ලැබීමෙන් පසුව බවත් ඒ මහතා ප්‍රකාශ කළේය. පරීක්ෂණ වාර්තාවන්ට අනුව නැවත විභාගය පැවැත්වීමට සිදු වුවහොත් විභාගය පවත්වන බවත් මේ විභාගය සම්බන්ධයෙන් දරුවන්ට කිසිදු අගතියක් වීමට ඉඩ නොතබන බවත් ඒ මහතා පැවසුවේය.

විභාගයට අදාළ ප්‍රශ්න පත්‍ර සම්බන්ධයෙන් ඇතිව තිබෙන ගැටලුව පිළිබඳ කඩිනමින් පරීක්ෂණ පැවැත්වීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇතැයි ද ඒ මහතා කීය.

පසුගිය 15 වැනිදා පැවැති පහ වසර ශිෂ්‍යත්ව විභාගය ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මඟින් විධිමත් ක්‍රමවේදයක් යටතේ පැවැත්වූ බවත් මෙම විභාගයට අදාළව කිසියම් පුද්ගලයකු හෝ කණ්ඩායමක් වැරදි සිදු කර ඇත්නම් ඔවුන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

සන්ධ්‍යා කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT