උතුරු කොළඹ ශික්ෂණ (රාගම) රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි රෝගියකු මියයෑම සම්බන්ධයෙන් උරණ වූ එම රෝගියාගේ පුතුන් විසින් කළ පහර දීමකින් රාගම රෝහලේ වෛද්‍යවරයකු හා හෙදියක ප්‍රතිකාර සඳහා එම රෝහලටම ඇතුළත් කර ඇති බව රාගම පොලිසිය සඳහන් කරයි. ඉකුත් 22 වැනිදා රාගම රෝහලට පෙණහලු ආශ්‍රිත රෝගයක් සඳහා ප්‍රතිකාර පිණිස ඇතුළත් කර සිටි රෝගියකු ඊයේ (24) මෙලෙස මියගොස් ඇත. සූරියපාලුව කඩවත ප්‍රදේශයේ පදිංචිව සිටි මියගිය අයගේ පුතුන් ඊයේ (24) උදෑසන රාගම රෝහලේ 22 වාට්ටුව වෙත පැමිණ සිය මව මිය යෑම සම්බන්ධයෙන් එම වාට්ටුවේ කාර්ය මණ්ඩලය සමඟ ගැටුමක් ඇති කරගෙන ඇතැයි පොලිසිය කියයි. සිය මවට නිසි ලෙස ප්‍රතිකාර ලබා නොදුන් බව හා මියගිය අයවලුන්ව කොළඹ ජාතික රෝහලට වැඩිදුර යොමු නොකළ බව කියමින් මෙම ගැටුම ඇති කරගෙන තිබේ. ගැටුමේදී පහර වැදී තුවාල ලැබූ වෛද්‍යවරයකු හා හෙදියක ප්‍රතිකාර සඳහා රාගම රෝහලටම ඇතුළත් කර ඇත.
ගැටුම සම්බන්ධයෙන් රාගම රෝහලේ පරිපාලන නිලධාරිවරයා රාගම පොලිස් ස්ථානයට පැමිණිලි කිරීමෙන් පසු පහර දුන් පුද්ගලයන් පොලිස් භාරයට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු රාගම පොලිසිය මඟින් සිදු කරනු ලබයි.
ජා-ඇළ සමූහ – ප්‍රසංග පෙරේරා