Home » නව ජනපතිට සෙත්පතා අකුරැස්ස ගංගාරාමයේදී ආශීර්වාද පූජාවක්

නව ජනපතිට සෙත්පතා අකුරැස්ස ගංගාරාමයේදී ආශීර්වාද පූජාවක්

by sachintha
September 24, 2024 12:02 am 0 comment

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සෙත්පතා විශේෂ ආශිර්වාද පූජාවක් අකුරැස්ස ගංගාරාම විහාරස්ථානයේදී ඊයේ (23) පැවැත්විණි. ජාතික භික්ෂු පෙරමුණේ අනුශාසක, අධිකරණ සංඝනායක ගෝනදෙණියේ සුමනරතන හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් මෙම ආශිර්වාද පූජාව පැවැත්විණි.

ජාතික ජන බලවේගයේ අකුරැස්ස ආසනයේ සංවිධායක සමන් කුමාර සුරවීර මහතාගේ සංවිධානයෙන් නව ජනාධිපතිවරයා දිවුරුම් දෙන අවස්ථාවට සමගාමීව මෙම ආශිර්වාද පූජාව පැවැත්විණි. මෙම අවස්ථාවට අකුරැස්ස විවිධ සේවා සමුපකාර සමිතියේ සභාපති ඩබ්.ටී. රාජපක්ෂ මහතා පුමුඛ විශාල පිරිසක් එක්වී සිටියහ.

අකුරැස්ස මධ්‍යම විශේෂ – විජිත සල්ගාදු

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT