Home » නීතිඥ ජයනි නෙත්මිණි පෙරේරාගේ කාව්‍ය සංග්‍රහය දොරට වඩී

නීතිඥ ජයනි නෙත්මිණි පෙරේරාගේ කාව්‍ය සංග්‍රහය දොරට වඩී

by sachintha
September 24, 2024 1:03 am 0 comment

නීතිඥ ජයනි නෙත්මිණි පෙරේරා මහත්මියගේ “ගෑනුන්ට කොහේද විලාප තියන්ට වේලාව ?” කාව්‍ය සංග්‍රහය දොරට වැඩීමේ උත්සවය වෝටර්ස් එජ් හිදී පසුගියදා (19) පැවැත්විණි.

ගෑනු පේන්න මිසක් ඇහෙන්න ඉන්න හොඳ නෑ කියපු කාලේ ඉඳන් කට පියාගෙන ඉන්න පුරුදු වෙච්ච ඔක්කොම ගෑනුන් වෙනුවෙන්, ගෑනුන්ට උරුම වෙච්ච ලස්සන වාග් මාලාව භාවිත කරමින්, මෙම කාව්‍ය නිර්මාණ රචනා කර තිබීම විශේෂත්වයකි.

ප්‍රවීණ ගීත රචක සහ සම්මානනීය කිවිඳියක වන යමුනා මාලිනී පෙරේරා, සම්මානනීය කිවිඳියක් වන සුලේඛා විතානගේ මහත්මිය, “අම්මපයි මන් කඩුව දුන්නා” කාව්‍ය සංග්‍රහය රචිත ප්‍රවීණ ගීත රචක ශෂික සදීප් මහතා සහ ප්‍රවීණ කතුවරයකු වන නීතිඥ ගිම්හාන් සූරියබණ්ඩාර මහතා ඇතුළු සාහිත්‍ය ලෝකයේ සහෘදයෝද නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ සහභාගිත්වයෙන් මේ උත්සවය පැවැත්විණි. උත්සවය අවසානයේ විද්වත් කථිකාවක් ද පැවැතිණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT