එළැඹෙන ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වුවහොත් වසර 2028 පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ අපේක්ෂාවක් නැති බව අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 78 හැවිරිදි ඩොනල්ඩ් ට්‍රම්ප් එරට ජනාධිපතිවරණයට රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකයා ලෙස අඛණ්ඩව ඉදිරිපත් වන තුන්වැනි අවස්ථාව මෙය වේ. මීට පෙර 2016දී පළමු වරට ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ජයගත් ට්‍රම්ප් අවසන් වරට 2021 දී පැවති ජනාධිපතිවරණයේදී ජෝ බයිඩ්න් හමුවේ පරාජයට පත් විය. කෙසේ වෙතත් මෙවර ඔහු ජයග්‍රහණය කළ ද, එරට නීතියට අනුව දෙවතාවකට වඩා ජනාධිපති ධුරයෙහි කටයුතු කළ නොහැකි බැවින් ඔහුට 2028දී පැවත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට හැකියාව නැති බව ද වාර්තා වේ. මෙවර ජනාධිපතිවරණයේදී ඩිමොක්‍රටික් අපේක්ෂිකා කමලා හැරිස් හමුවේ පරාජයට පත්වුවහොත් යළි තරග කරන්නේදැයි පසුගියදා පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඔහුගෙන් විමසූ විට ඔහු සඳහන් කර ඇත්තේ එවැනි අදහසක් නැති බවය.
‘පැරදුණොත් ආයේ ඉල්ලන්නේ නෑ’
-ජනාධිපති අපේක්ෂක ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්
by sachintha
September 24, 2024 2:45 am
0 comment
206
කලින් පුවත