Wednesday, April 23, 2025
Home » ‘හෙස්බුල්ලා සාමාජිකයන්ගෙන් ඈත්වෙන්න’

‘හෙස්බුල්ලා සාමාජිකයන්ගෙන් ඈත්වෙන්න’

-ඊශ්‍රායලය ලෙබනන් ජනතාවට අනතුරු අඟවයි

by sachintha
September 24, 2024 2:42 am 0 comment

ඉදිරිය දින කිහිපයේදී හෙස්බුල්ලා ඉලක්ක වෙත අතිශය දරුණු ප්‍රහාරයක් එල්ල කිරීමට පියවර ගන්නා බැවින් හෙස්බුල්ලා සංවිධානයේ සාමාජිකයන් ගැවසෙන ස්ථානවලින් ඉවත් වන ලෙස ඊශ්‍රායල හමුදාව ලෙබනනයේ ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ලෙබනන් ජනතාවගේ දුරකතන වෙත කෙටි පණිවිඩ එවමින් ද , දුරකතන ඇමැතුම් දීමෙන් ද ඊශ්‍රායල හමුදාව මේ ඉල්ලීම කර ඇත්තේ පසුගිය දින කිහිපයේදී හෙස්බුල්ලා සංවිධානය සහ ඊශ්‍රායලය අතර දරුණු ගැටුම් උද්ගතවීමෙන් පසුවය. මේ අනතුරු ඇඟවීමට අනුව ඕනෑම මොහොතක ඊශ්‍රායලය හෙස්බුල්ලා සාමාජිකයන් ඉලක්ක කරමින් ලෙබනනයේ ඇතැම් ස්ථාන වෙත දරුණු ප්‍රහාරයක් එල්ල වනු ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

මේ වන විටත් ලෙබනන් – ඊශ්‍රායල දේශසීමාව ආසන්නයේ දරුණු ගැටුම් සිදුවන බවත්, ලෙබනනයේ අගනුවර ඇතුළු නගර රැසකට ඊශ්‍රායල ගුවන් ප්‍රහාර එල්ලවීමේ අවදානම ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT