Wednesday, April 23, 2025
Home » පළාත් ආණ්ඩුකාරවරු 04ක් සිය ධූරවලින් ඉල්ලා අස්වෙයි

පළාත් ආණ්ඩුකාරවරු 04ක් සිය ධූරවලින් ඉල්ලා අස්වෙයි

by chanaka
September 23, 2024 2:05 pm 0 comment

පළාත් ආණ්ඩුකාරවරුන් සිව්දෙනෙකු සිය ධූරවලින් ඉල්ලා අස් වී තිබේ.

උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් සහ සබරගමු පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක යන මහත්වරුන් එලෙස සිය ආණ්ඩුකාර ධූරවලින් ඉල්ලා අස් වී ඇත.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතා ද ආණ්ඩුකාර ධූරයෙන් ඉල්ලා අස් වී තිබේ.

එමෙන්ම ඌව පළාත් ආණ්ඩුකාර අනුර විදානගමගේ මහතා ද සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.

ඔවුන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කරමින් සිය ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් දැනුම් දී තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT