Thursday, April 24, 2025
Home » පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය ලක්ෂ්මන් නිපුනආරච්චිට

පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය ලක්ෂ්මන් නිපුනආරච්චිට

by chanaka
September 23, 2024 2:00 pm 0 comment

අභිනව ජනාධිපතිවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වීමෙන් පසු පුරප්පාඩු වූ පාර්ලිමෙන්තු මන්ත්‍රී ධුරය සඳහා ජාතික ජනබලවේගයේ ලක්ෂ්මන් නිපුනආරච්චි මහතා තොරා පත් කරගෙන තිබේ.

ඒ සඳහා පාර්ලිමෙන්තු මහ ලේකම්තුමියගේ ලිපිය ලැබී තිබෙන බව ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කලේය.

පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා අදාළ පත් කිරීම සිදු කිරීමට අවශ්‍ය ගැසට් නිවේදනය පල කිරීම සඳහා කටයුතු සූදානම් කරමින් සිටින බව ඔහු වැඩිදුරටත් පැවසුවේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT