රටක් ලෙස දැවැන්තම ආර්ථික අර්බුදයට මුහුණ දුන් අවස්ථාවේ වසර දෙකක් වැනි කාලයකදී සුබවාදී පරිවර්තනයක් රට තුළ ඇති කිරීමට රනිල් වික්‍රමසිංහ මහතාට හැකි වූ බවත්, ආර්ථික ස්ථාවරත්වය ගොඩ නංවමින් ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කිරීමට කටයුතු කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ රට ස්ථාවර කිරීමේ වැඩපිළිවෙළට දායකත්වය දීමට හැකිවීම පිළිබඳව සතුටට පත් වන බවත් තාක්ෂණ රාජ්‍ය ඇමැති කනක හේරත් මහතා ප්‍රකාශ කළේය.
රාජ්‍ය ඇමැතිවරයා මේ බව පැවසුවේ ඊයේ (22) සිය ෆේස්බුක් සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමිනි.
එහි වැඩිදුරටත් මෙලෙස ද සඳහන් වේ. “වසර දෙකකදී රජය විසින් ගෙන ගිය ප්‍රතිසංස්කරණ මඟින් රාජ්‍ය ආදායම් ඉහළ ගියා. උද්ධමනය පහළ ගියා. ඒ අනුව රුපියල ශක්තිමත් වී විදේශ සංචිත ද ශක්තිමත් වුණා. කෘෂිකර්මාන්තය ද ප්‍රබෝධවත් වී සංචාරක කර්මාන්තයේ ද කැපී පෙනෙන වර්ධනයක් සිදු වුණා. මේ අයුරින් කෙටි කලකදී රට තුළ ස්ථාවරයක් ගොඩනැඟීමට කටයුතු කිරීම පිළිබඳව රනිල් වික්‍රමසිංහ මහතාට ස්තුතිය පළ කරනවා.
මෙවර ජනාධිපතිවරණයේදී ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වූ රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ඡන්දය දුන් සියලුම දෙනාට ස්තුතිය පළ කරනවා.”