2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ජනපතිවරණ අපේක්ෂකයන් අතරින් දිවයිනෙන්ම අඩුම ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන ඇත්තේ ඡන්ද 1860ක් ලබා ගත් ඒ.එස්.පී. ලියනගේ මහතාය. එය ප්‍රතිශතයක් ලෙස 0.01කි. සරත් මනමේන්ද්‍ර මහතා ඡන්ද 1911ක් ලබා ගනිමින් 0.01ක ප්‍රතිශතයක් හිමි කර ගෙන ඇත.
මයිල්වාගනම් තිලකරාජා මහතා ඡන්ද 2138 (0.02), ජනක රත්නායක මහතා 2405ක් (0.02), වල්ලිමුල් කපුගමගේ අනුර සිඩ්නි ජයරත්න ඡන්ද 2799ක් (0.02), ලලිත් ද සිල්වා ඡන්ද 3004ක් (0.02), කේ. ඒ. කුලරත්න 4013 (0.03), සරත් බණ්ඩාරනායක ඡන්ද 4070 (0.03), අනුරුද්ධ රොෂාන් රණසිංහ ඡන්ද 4205 (0.03), ඔෂල හේරත් ඡන්ද 4253 (0.03), පානි විජේසිරිවර්ධන 4410 (0.03), කීර්ති වික්‍රමරත්න 4676 (0.04), මහින්ද දේවගේ ඡන්ද 5338 (0.04), පේමසිරි මානගේ ඡන්ද 5822 (0.04), අබුබකර් මොහොමඩ් ඉන්ෆාස් 6531 (0.05), බත්තරමුල්ලේ සීලරතන හිමි ඡන්ද 6839 (0.05), සිරිතුංග ජයසූරිය 8954 (0.07), සිරිපාල අමරසිංහ 9035 (0.07), වික්ටර් පෙරේරා 10374 (0.08), අජන්ත ද සොයිසා 10548 (0.08), නුවන් බෝපගේ 11191 (0.08), අක්මීමන දයාරතන හිමි 11536 (0.09), නාමල් රාජපක්ෂ 12700 (0.1), ප්‍රියන්ත වික්‍රමසිංහ 12760 (0.1), අගම්පොඩි ප්‍රසංග සුරංජීව අනෝජ් ද සිල්වා 12898 (0.1), කේ. ආර්. ක්‍රිෂාන් 13595 (0.1), සරත් කීර්තිරත්න 15187 (0.11), අනුරුද්ධ පොල්ගම්පල 15411 (0.12), විජයදාස රාජපක්ෂ 21306 (0.16), සරත් ෆොන්සේකා 22407 (0.17), දිසානායක මුදියන්සේලාගේ බණ්ඩාරනායක 30660 (0.23) , කේ කේ පියදාස 47543 (0.36), දිලිත් ජයවීර 122396 (0.92), අරියනේත්‍රන් පාක්‍ය සෙල්වම් 226343 (1.7), නාමල් ලක්ෂ්මන් රාජපක්ෂ 342781 (2.57)ක් ලබාගෙන ඇත. වැඩිම ඡන්ද ලබා ගනිමින් මෙවර ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කර ඇත්තේ අනුර කුමාර දිසානායක මහතා 5634915 (42.31)ය. සජිත් ප්‍රේමදාස 4363035 (32.76) දෙවන ස්ථානයට පත්ව ඇත. රනිල් වික්‍රමසිංහ මහතා ඡන්ද 2299767 (17.27) ලබාගෙන තෙවන ස්ථානයට පත්ව ඇත.