ජනාධිපතිවරණ ඡන්ද විමසීමට අදාළව පුත්තලම දිස්ත්‍රික්කයේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක ප්‍රධාන ගණන් කිරීමේ නිලධාරියකු රාජකාරි සඳහා ගමන් කරමින් සිටියදී ඔහුගේ මෝටර් රථයේ ගැටී ඡන්ද රාජකාරිවලට යමින් සිටි නිලධාරිනියක් හා ඇගේ පියා බරපතළ තුවාල ලබා පුත්තලම මූලික රෝහලට 21 දා සවස ඇතුළත් කර ඇති බව ආණමඩුව පොලිසිය කියයි.
මෙම අනතුරින් බරපතළ ලෙස තුවාල සිදුව ඇත්තේ ආඬිගම ගල්කුලිය ප්‍රදේශයේ සිට පුත්තලම ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයේ රාජකාරි සඳහා යමින් සිටි නිලධාරිනියක් හා ඇයව යතුරුපැදියකින් රැගෙන යමින් සිටි පියා බව කියයි.
පුත්තලම ඡන්ද මධ්‍යස්ථානය වෙත ගමන් කරමින් සිටි මෙම දේශීය ආදායම් බදු දෙපාර්තුමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය කොමසාරිස් දිල්රුක් ප්‍රියංකර විජේසිංහ මහතා ඔහුගේ මෝටර් රථයේ ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බව කියයි.
කෙසේ වෙතත් අදාළ නිලධාරියා අනතුර සිදුවන වන අවස්ථාවේදී අධික බීමතින් සිට ඇති බවට වෛද්‍ය වාර්තා මඟින් සනාථ කර තිබේ.
අනතුර සිදුවන අවස්ථාවේදී මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරීයා පුත්තලම සිට ආණමඩුව දෙසට ගමන් කරමින් සිට ඇති බවත් අනතුරින් බරපතළ තුවාල ලබා ඇති ඒ.එච්.එම්. සුරේනී මදුසිකා හා ඇගේ පියා වන ඒ.එච්.එම්. දයාරත්න මහතා සමඟ පුත්තලම ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානය වෙත ආණමඩුව සිට ගමන් කරමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇති බව කියයි.
කෙසේ වෙතත් අනතුරින් බරපතළ තත්ත්වයේ සිටි මෙම නිලධාරිනිය හා ඇගේ පියා කඩිනමින් ආණමඩුව මූලික රෝහලට ඇතුළත් කර පසුව කඩිනමින් පුත්තලම මූලික රෝහලට යවා ඇති බව කියයි.
අනතුර සම්බන්ධයෙන් අදාළ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය කොමසාරිස්වරයා ද රෝහල්ගත කිරීමට පොලිසිය කටයුතු කර ඇති අතර එහිදී අදාළ නිලධාරියා අධික ලෙස මත්පැන් පානය කර සිට ඇති බව කියයි.
කෙසේ වෙතත් අදාළ නිලධාරියා හා බරපතළ තුවාල ලැබූ නිලධාරිනිය හා ඇගේ පියා පුත්තලම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව පොලිසිය කියයි.
පුත්තලම දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්.පී. හේරත් මහතා පවසා සිටියේ මෙම අනතුරින් අදාළ පුරප්පාඩු වූ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයේ ප්‍රධාන නිලධාරී තනතුර සඳහා සුදුසුකම් ලැබූ නිලධාරියකු පත් කරමින් ඡන්ද ගණන් කිරීමේ කටයුතු නිසි ලෙස පවත්වාගෙන ගිය බවයි.