Monday, April 21, 2025
Home » හෙස්බුල්ලා සංවිධානයෙන් ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර 150ක්
මැදපෙරදිග යුද්ධය දිග්ගැස්සෙයි

හෙස්බුල්ලා සංවිධානයෙන් ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර 150ක්

by mahesh
September 23, 2024 12:30 am 0 comment

ලෙබනනය කේන්ද්‍ර කරගත් හෙස්බුල්ලා සංවිධානය පෙරේදා රාත්‍රිය පුරා ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර 150ක් එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ ප්‍රහාරවලින් වැඩි ප්‍රමාණයක් මිසයිල නාශක පද්ධතියෙන් පුපුරුවා හැරීමට ඊශ්‍රායල හමුදාව සමත්වූවද උතුරු ඊශ්‍රායලයේ නේවාසික ගොඩනැඟිලි රැසක් රොකට් ප්‍රහාරයෙන් විනාශයට පත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

හෙස්බුල්ලා රොකට් ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ඊශ්‍රායල හමුදාව දකුණු ලෙබනනයේ හෙස්බුල්ලා ඉලක්ක වෙත ගුවන් ප්‍රහාරයක් එල්ල කර ඇති අතර, ඉන් එම සංවිධානයට අයත් රොකට් විදිනයක් ඇතුළු අවිආයුධ රැසක් විනාශ වූ බවට තොරතුරු වාර්තා වී තිබේ.

පසුගිය සතියේදී හෙස්බුල්ලා සංවිධානයේ සාමාජිකයන් සතු පේජර් හා වෝකි ටෝකි පණිවිඩ යන්ත්‍ර පුපුරුවා හැරීමෙන් එම සංවිධානයේ සන්නිවේදන පද්ධතිය බිඳ දැමීමෙන් පසු ඊශ්‍රායලට එල්ල වන ප්‍රහාර වර්ධනය වී ඇතැයි ද, තවදුරටත් හෙස්බුල්ලා සංවිධානයේ රොකට් ප්‍රහාර ඊශ්‍රායලට එල්ල වනු ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT