Home » අධිකරණ බලතල සීමා කිරීමට පාකිස්තාන රජයේ අවධානය

අධිකරණ බලතල සීමා කිරීමට පාකිස්තාන රජයේ අවධානය

by mahesh
September 23, 2024 1:00 am 0 comment

අධිකරණ බලතල සීමා කිරීමට පාකිස්තාන රජය ගනු ලබන ඕනෑම උත්සාහයකට එරෙහිව විරෝධතාවක් ආරම්භ කරන බවට පාකිස්තාන ටෙහ්රීකි ඉන්සාෆ් පක්ෂයේ හිටපු සෙනෙට් සභික සහ ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ සංගමයේ හිටපු සභාපති හමීඩ් ඛාන් රජයට අනතුරු අඟවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසුගියදා ලාහෝර් නුවර මහාධිකරණ නීතිඥ සංගමයේ රැස්වීමකදී ඔහු මේ අනතුරු ඇඟවීම සිදු කර ඇතැයි ද වාර්තා වේ.

පාකිස්තාන රජය ව්‍යවස්ථාමය සංශෝධනයක් සිදු කිරීමට නියමිත බවට එරට පළ වන පුවත් සම්බන්ධව දැඩි කනස්සල්ල පළ කර ඇති එරට ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ සංගමයේ හිටපු සභාපතිවරයා වෙනත් රටක එවැනි සංශෝධනයක් සිදු කිරීමේදී මාස ගණනාවක් පාර්ලිමේන්තුවේ විවාදයට ගන්නා බවත්, පාකිස්තාන පාර්ලිමේන්තුව එම කාර්යභාරය ඉටු නොකරන බවටත් චෝදනා කර ඇතැයි ද වාර්තා වේ.

අධිකරණ බලතල සීමා කිරීමට රජය අවධානය යොමු කිරීම අධිකරණයට අපහාස කිරීමක් බව ද ඔහු සඳහන් කර තිබේ. පාකිස්තානයේ ශ්‍රේෂ්ඨාධිකරණයට සහ මහාධිකරණයට සමාන්තරව වෙනත් අධිකරණ පද්ධතියක් පිහිටුවීමට නොහැකි බවත් එවැනි ඊනියා අධිකරණ සඳහා විනිසුරුවරුන් පත් කිරීම පිළිගත නොහැකි බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT