Home » ඉන්දියාවෙන් මෙගාවොට් 31,000ක ජලවිදුලි ව්‍යාපෘතියක්

ඉන්දියාවෙන් මෙගාවොට් 31,000ක ජලවිදුලි ව්‍යාපෘතියක්

by mahesh
September 23, 2024 12:30 am 0 comment

ඉදිරි වසර අට ඇතුළත ක්‍රියාත්මක කිරීමට නියමිත මෙගාවොට් 31,350ක ජලවිදුලි ව්‍යාපෘති සංවර්ධනයට සහාය වීම සඳහා ඉන්දීය රජය රුපියල් කෝටි 12,461ක මුදලක් වැය කිරීමට නියමිත බවත්, ඒ සඳහා එරට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

එරට විදුලිබල අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කරනු ලැබූ යෝජනාවකට අනුව ජලවිදුලිබල ව්‍යාපෘතිය සඳහා යටිතල පහසුකම් සක්‍රිය කිරීමට එම මුදල වෙන් කර ඇතැයි ද ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

ඉන්දීය කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරනු ලැබූ නව ජලවිදුලි ව්‍යාපෘති යෝජනා ක්‍රමය එරට දුෂ්කර ප්‍රදේශවල යටිතල පහසුකම් සංවර්ධනය ඉහළ නැංවීමට ඉවහල් වන බව මේ පිළිබඳ එක්ස් සමාජ මාධ්‍යජාලයේ සටහනක් තබමින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සඳහන් කර ඇතැයි ද වාර්තා වේ.

මෙමඟින් ඉන්දියාවේ ජලවිදුලි වර්ධනය වේගවත් වනු ඇතැයි ද, රැකියා උත්පාදනය කිරීමට හා ක්ෂේත්‍රයේ ආයෝජන වර්ධනය කිරීමට හැකියාව ලැබෙනු ඇතැයි ද අගමැතිවරයා සඳහන් කළ බව වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT