Wednesday, April 23, 2025
Home » සිව් දෙනෙකුගේ කැබිනට් මණ්ඩලයක් – අගමැති ධූරය ගැනත් හරිනි කියයි

සිව් දෙනෙකුගේ කැබිනට් මණ්ඩලයක් – අගමැති ධූරය ගැනත් හරිනි කියයි

by chanaka
September 23, 2024 3:04 pm 0 comment

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිව් දෙනෙක්ගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් පත්කරන බවත් එය ඉදිරියේදී පත්කිරීමට නියමිත බවත් ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අද (23) පැවසුවාය.

අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධූරයේ දිවුරුම් දීමෙන් පසුව අදහස් දක්වමින් හරිනි අමරසූරිය මේ බව කියා සිටියාය.

එම පත්කිරීම් අද සිදුනොවන බව කී අමරසූරිය මෙනවිය අගමැතිවරයා පත්කිරීම ද ඉදිරියේදී වනු ඇති බව ද පැවසීය.

එසේම අගමැති ධූරයට පත් විය යුත්තේ කවුරුන්ද යන්න සම්බන්ධව සිය පක්ෂය තවමත් තීරණය කර නොමැති බව ඇය කියා සිටියාය.

රට අර්බුකාරී තත්වයකට පත්ව ඇති මෙවැනි මොහොතක සිය පක්ෂයට ජනවරමක් ලැබී ඇති බවත් එම තත්වය මඟ හරවා ගැනීම සඳහා වැඩ කටයුතු හෙට සිටම ආරම්භ කළ යුතු බවත් හරිනි අමරසූරිය මහත්මිය මෙහිදී පවසා සිටියාය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT