Wednesday, April 23, 2025
Home » නොබෙදූ ඡන්ද කාඩ් 5,000ක් තව­මත් කුරු­ණෑ­ගල ප්‍රධාන තැපැල් කාර්යා­ලයේ

නොබෙදූ ඡන්ද කාඩ් 5,000ක් තව­මත් කුරු­ණෑ­ගල ප්‍රධාන තැපැල් කාර්යා­ලයේ

by damith
September 21, 2024 1:03 am 0 comment

කුරු­ණෑ­ගල අති­රේක - පුෂ්ප­කු­මාර ජය­රත්න

ජනා­ධි­ප­ති­ව­ර­ණය සඳහා නිකුත් කරන ලද ජන්ද කාඩ්පත් 5,000කට ආසන්න ප්‍රමා­ණ­යක් බෙදී­මට නොහැකි වීම හේතු­වෙන් කුරු­ණෑ­ගල ප්‍රධාන තැපැල් කාර්යා­ලයේ ඉති­රිව පව­තින බව Ò දින­මි­ණට Ò වාර්තා වී තිබේ.

මේවා­යින් වැඩි ප්‍රමා­ණ­යක් කුරු­ණෑ­ගල පහළ ගැට්ටු­වාන සහ වැහැර ප්‍රදේ­ශයේ පදිංචි ජන්ද­දා­ය­ක­යන්ගේ බව තැපැල් කාර්යාල ආරංචි මාර්ග සඳ­හන් කළේය. නිය­මිත කාල­යට තැපැ­ල්ක­රු­වන් විසින් නොබෙ­දී­මෙන් සහ නිවෙ­ස්වල නොසි­ටීම හේතු­වෙන් ජන්ද කාඩ්පත් නොලද පුද්ග­ල­යන් ඒවා ලබා ගැනී­මට නොපැ­මි­ණීම හේතු­වෙන් මෙත­රම් ප්‍රමා­ණ­යක් මෙවර ඉති­රිව පව­තින බව වාර්තා වේ. කෙසේ වෙතත් ජන්ද කාඩ්පත් නොලැ­බුණු පුද්ග­ල­යන් ඊයේ (20) දිනයේ ද ඒවා ලබා ගැනී­මට කුරු­ණෑ­ගල ප්‍රධාන තැපැල් කාර්යා­ලය වෙත පැමිණ සිටි ආකා­රය දැක­ගත හැකි විය.

මේ පිළි­බ­ඳව කළ විම­සී­කදී කුරු­ණෑ­ගල දිස්ත්‍රික් මැති­ව­රණ කාර්යා­ලයේ උසස් නිල­ධා­රි­යකු සඳ­හන් කළේ එම ජන්ද කාඩ්පත නොමැ­තිව වුවද වලංගු හැඳු­නු­ම්ප­තක් ඉදි­රි­පත් කර ඡන්දය භාවිත කිරී­මට අව­ස්ථාව හිමි­වන බවයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT