Home » රස්සාවේ ගිය ධීව­රයෝ රැගත් බහු­දින යාත්‍රා 100ක් ඡන්දෙට ගොඩ­බි­මට

රස්සාවේ ගිය ධීව­රයෝ රැගත් බහු­දින යාත්‍රා 100ක් ඡන්දෙට ගොඩ­බි­මට

by damith
September 21, 2024 1:02 am 0 comment

අලු­ත්ගම - තුසිත කුමාර ද සිල්වා

බේරු­වල ධීවර වරාය හරහා ඈත මුහුදේ ධීවර රැකි­යාවේ නියු­තුව සිටි විශාල ධීව­ර­යන් පිරි­සක් අද (21) පැවැ­ත්වෙන ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ගොඩ­බි­මට පැමිණි බව ධීවර සංගම් ප්‍රකා­ශ­ක­යෙක් පැව­සීය.

බහු­දින යාත්‍රා සිය­යක පමණ පිරි­සක් ඊයේ (20) දින වන විට මත්ස්‍ය අස්වැන්න ද රැගෙන බේරු­වල ධීවර වරාය පරි­ශ්‍ර­යට පැමිණ තිබෙන අතර ඔවුන් දැඩි උද්‍යෝ­ග­ය­කින් හා උන­න්දු­වෙන් මෙවර ඡන්දය ප්‍රකාශ කිරී­මට පැමිණි බව කළ විම­සී­ම­කදී සඳ­හන් කළේය.

එක­වර ධීවර යාත්‍රා විශාල ප්‍රමා­ණ­යක් මත්ස්‍ය අස්වැන්න ද රැගෙන පැමිණ ඇති ආරං­චි­යත් සමඟ ඊයේ (20) පෙර­ව­රුවේ සිට විශාල ජන­තා­වක් බේරු­වල ධීවර පරි­ශ්‍රය වෙත මසුන් මිලදී ගැනී­මට පැමිණ සිටි අයුරු ද දැක ගත හැකි විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT