Wednesday, April 23, 2025
Home » ඉදිරි මහ කන්න දෙකට ගොවීන්ට නොමිලේ බණ්ඩි පොහොර මෙට්‍රික් ටොන් 55,000ක්

ඉදිරි මහ කන්න දෙකට ගොවීන්ට නොමිලේ බණ්ඩි පොහොර මෙට්‍රික් ටොන් 55,000ක්

අව­බෝ­ධතා ගිවි­සු­මට අත්සන්

by damith
September 21, 2024 1:03 am 0 comment

බුද්ධිකා ඉඹු­ලාන

ඉදිරි මහ­කන්න දෙකට මෙරට ගොවීන්ට බණ්ඩි පොහොර (MOP) මෙට්‍රික් ටොන් 55,000ක් නොමිලේ ලබා­දී­මට වන අව­බෝ­ධතා ගිවි­සු­මට ඊයේ (20) අත්සන් තැබිණි.

ලෝක ආහාර වැඩ­ස­ට­හන යටතේ හිමි­වන මේ බණ්ඩි පොහොර ගොවීන් වෙත ලබා­දීම සඳහා වන ගිවි­සු­මට එළ­ඹීම මාර්ග­ගත ක්‍රම­යට (ONLINE)සිදු වූ අතර ලෝක ආහාර වැඩ­ස­ට­හන වෙනු­වෙන් එහි සභා­ප­ති­ව­රයා සහ ශ්‍රී ලංකාව වෙනු­වෙන් රාජ්‍ය පොහොර සංස්ථාවේ සභා­පති ආචාර්ය ජගත් පෙ‍රේරා මහතා අත්සන් තැබූහ.

ශ්‍රී ලංකා­වට නොමිලේ හිමි­වන මේ පොහොර තොගයේ වටි­නා­කම ඩොලර් බිලි­යන 8කි. රුසි­යාවේ සිට ගෙන්වන මේ බණ්ඩි පොහොර මෙට්‍රික් ටොන් 55,000 ලබන මාස­යේදී මෙර­ටට ලැබී­මට නිය­මි­තය.මේ පොහොර බෙදා­හැ­රීමේ කට­යුතු සහ එම බදු වෙනු­වෙන් වැය කිරී­මට සිදු­වන මුදල රුපි­යල් බිලි­යන 2.5ක් වන අතර එම මුදල රජය මඟින් ලබා­දී­මට අමාත්‍ය මණ්ඩ­ලයේ අනු­මැ­තිය ලැබී තිබේ.

මෙරට වී වගා­වට සහ බඩ ඉරිඟු වගා­වට අත්‍ය­වශ්‍ය පොහොර වර්ග­යක් වන බණ්ඩි පොහොර හෙවත් MOP පොහොර පසු­ගිය කන්න කීහි­ප­ය­ක­දීම ගොවීන් විසින් වී වගා­වට යොදා නොති­බිණි.සාමාන්‍ය වෙළෙ­ඳ­පොළේ MOP පොහොර මිටි­යක මිල රුපි­යල් 8000-9000 වන අතර එහි අධික මිල ගණන් හේතු­වෙන් ගොවීන් ඒවා තම වගා­වන් සඳහා යෙදී­මට කට­යුතු කළේ නැත.සාමා­න්‍ය­යෙන් එක් කන්න­ය­කට අවශ්‍ය බණ්ඩි පොහොර ප්‍රමා­ණය මෙට්‍රික් ටොන් 25,000කි.

මේ කාර­ණය සැල­කි­ල්ලට ගනි­මින් ඉදිරි මහ­කන්න දෙකේදී වී ගොවීන්ට සහ බඩ­ඉ­රිඟු වගා කරන ගොවීන්ට MOP පොහොර නොමිලේ ලබා­දීම සඳහා රජය ලෝක ආහාර වැඩ­ස­ට­හන සමඟ සාකච්ඡා කෙරිණි.එහි ප්‍රති­ඵ­ල­යක් වශ­යෙන් MOP පොහොර මෙට්‍රික් ටොන් 55,000ක් මෙර­ටට නොමිලේ ලබා­දී­මට ලෝක ආහාර වැඩ­ස­ට­හන තීර­ණය කරන ලදි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT