වේයන්ගොඩ ප්‍රදේශයේ නිදන් වස්තු ඇතැයි කියන ප්‍රදේශයක කැණීම් කරමින් සිටි චීවරධාරියෙක් ඇතුළු සැකකරුවන් නමක් අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ පොලිසිය කියයි. වේයන්ගොඩ ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩවසන හිමි නමක සමඟ මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ සූරියවැව ඇඹිලිපිටිය මිනුවන්ගොඩ ආණමඩුව සහ වේයන්ගොඩ පදිංචිකරුවෝ පිරිසකි.
වේයන්ගොඩ පොලිසියට ලැබුණු තොරතුරක් මත කළ වැටලීමකදී නිදන් හෑරීමේ යෙදී සිටි මේ පිරිස ඒ සඳහා උපයෝගී කරගත් දේපළ සමඟ අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි වී ඇත. නිදන් ලබා ගැනීමට හාරා ඇති ස්ථානයේ මේ වන විට විශාල ජලාශයක් සේ දිස්වන බව පොලිසිය කියයි.සැකකරුවන් අත්තනගල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර ස්ථානයේ පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ලබා ගැනීමට පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කැඳවීමටද පියවර ගෙන තිබේ.වේයන්ගොඩ පොලිසිය පරීක්ෂණ පවත්වයි.