Home » වේය­න්ගොඩ ප්‍රදේ­ශයේ නිදන් වස්තු සොයා කැණීම් කළ චීව­ර­ධා­රි­යෙක් ඇතුළු 9ක් අත්අ­ඩං­ගු­වට

වේය­න්ගොඩ ප්‍රදේ­ශයේ නිදන් වස්තු සොයා කැණීම් කළ චීව­ර­ධා­රි­යෙක් ඇතුළු 9ක් අත්අ­ඩං­ගු­වට

by damith
September 21, 2024 1:02 am 0 comment

කොට­දෙ­ණි­යාව සමූහ - එම්.පුෂ්ප­කු­මාර

වේය­න්ගොඩ ප්‍රදේ­ශයේ නිදන් වස්තු ඇතැයි කියන ප්‍රදේ­ශ­යක කැණීම් කර­මින් සිටි චීව­ර­ධා­රි­යෙක් ඇතුළු සැක­ක­රු­වන් නමක් අත්අ­ඩං­ගු­වට ගත් බව වේය­න්ගොඩ පොලි­සිය කියයි. වේය­න්ගොඩ ප්‍රදේ­ශයේ විහා­ර­ස්ථා­න­යක වැඩ­ව­සන හිමි නමක සමඟ මෙසේ අත්අ­ඩං­ගු­වට ගෙන ඇත්තේ සූරි­ය­වැව ඇඹි­ලි­පි­ටිය මිනු­ව­න්ගොඩ ආණ­ම­ඩුව සහ වේය­න්ගොඩ පදිං­චි­ක­රුවෝ පිරි­සකි.

වේය­න්ගොඩ පොලි­සි­යට ලැබුණු තොර­තු­රක් මත කළ වැට­ලී­ම­කදී නිදන් හෑරීමේ යෙදී සිටි මේ පිරිස ඒ සඳහා උප­යෝගී කර­ගත් දේපළ සමඟ අත්අ­ඩං­ගු­වට ගැනී­මට පොලි­සි­යට හැකි වී ඇත. නිදන් ලබා ගැනී­මට හාරා ඇති ස්ථානයේ මේ වන විට විශාල ජලා­ශ­යක් සේ දිස්වන බව පොලි­සිය කියයි.සැක­ක­රු­වන් අත්ත­න­ගල්ල අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මට නිය­මිත අතර ස්ථානයේ පරී­ක්‍ෂ­ණ­යක් පවත්වා වාර්තා­වක් ලබා ගැනී­මට පුරා විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුවේ නිල­ධා­රීන් කැඳ­වී­ම­ටද පිය­වර ගෙන තිබේ.වේය­න්ගොඩ පොලි­සිය පරී­ක්ෂණ පව­ත්වයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT