Home » මොණ­රා­ගල-කොළඹ මගී බස්ර­ථ­යක් පෙරැළී මගීන් 17කට තුවාල

මොණ­රා­ගල-කොළඹ මගී බස්ර­ථ­යක් පෙරැළී මගීන් 17කට තුවාල

by damith
September 21, 2024 1:02 am 0 comment

ඩී.එස්. ගුණ­ති­ලක ඌව වෙල්ලස්ස විශේෂ

මොණ­රා­ගල සිට කොළඹ දක්වා ධාව­නය වෙමින් තිබූ මගී ප්‍රවා­හන පෞද්ග­ලික බස්ර­ථ­යක් ඊයේ (20)මාර්ග­යෙන් ඉව­තට පෙරැ­ළී­මෙන් මගීන් 17ක් තුවාල ලබා ඇතැයි මොණ­රා­ගල පොලී­සිය පව­සයි.

පෞද්ග­ලික බස්ර­ථය ඉදි­රි­යෙන් පැමිණි මෝටර් රථ­ය­කට ඉඩ­දී­මට යෑමේදී මෝටර් රථය බස්ර­ථයේ ගැටී ඇත.ඒ අව­ස්ථාවේ බස්ර­ථය පාරෙන් ඉව­තට පෙරැළී ඇති බැව් මූලික පරී­ක්ෂ­ණ­ව­ලදී අනා­ව­ර­ණය වී ඇත.බස්ර­ථයේ ගැටුණු මෝටර් රථය නොන­වත්වා පළා ගොස් තිබේ.අන­තු­රෙන් තුවාල ලැබූ මගීන් හත්දෙ­නෙකු මොණ­රා­ගල දිස්ත්‍රික් මහ රෝහ­ලේත් මගීන් දස දෙනෙකු බුත්තල ප්‍රාදේ­ශීය රෝහ­ලේත් ප්‍රති­කාර ලබති. ඔවුන්ගේ තත්ත්වය බර­ප­තළ නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳ­හන් කරයි. මොණ­රා­ගල පොලී­සියේ රථ­වා­හන අංශයේ වැඩ­බ­ලන ස්ථානා­ධි­පති උ.පො.ප නාමල් මහතා පරී­ක්ෂණ පව­ත්වයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT