Home » දැනුම සහ කුස­ල­තාව තිබෙ­න­වා­නම් සියලු අභි­යෝග ජය ගත හැකියි

දැනුම සහ කුස­ල­තාව තිබෙ­න­වා­නම් සියලු අභි­යෝග ජය ගත හැකියි

පාර්ලි­මේන්තු මහ ලේකම් කුෂානි රෝහ­ණ­දීර

by damith
September 21, 2024 1:00 am 0 comment

ස්වර්ණා විජේ­කෝන්

දැනුම සහ කුස­ල­තාව සතු නම්, සියලු අභි­යෝග ජය­ග­නි­මින් දියු­ණුව කරා යෑමට සියලු කාන්තා­වන්ට හැකි බව පාර්ලි­මේන්තු මහ ලේකම් කුෂානි රෝහ­ණ­දීර මහ­ත්මිය ප්‍රකාශ කළාය.

මහ ලේක­ම්ව­රිය මේ බව ප්‍රකාශ කළේ මිලා­ගි­රිය ශාන්ත පාවුළු බාලිකා විද්‍යා­ලයේ ශිෂ්‍ය පාර්ලි­මේ­න්තුවේ මංගල සභා­වා­රය ආරම්භ කිරීමේ අව­ස්ථා­වට ප්‍රධාන ආරා­ධි­තයා ලෙස සහ­භාගි වෙමිනි.

මෙහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දක්ව­මින් මහ ලේක­ම්ව­රිය දැනට පාර්ලි­මේ­න්තුවේ සුළු­ත­ර­යක් වූ කාන්තා මන්ත්‍රී­ව­රි­යන් විසින් කර ඇති විශාල කාර්ය භාරය පිළි­බ­ඳව සිහි­පත් කර­මින් පාර්ලි­මේන්තු ක්‍රියා­ව­ලිය හා එහි කාර්ය­භා­රය පිළි­බ­ඳව ද දැනු­වත් කළාය.

මිලා­ගි­රිය ශාන්ත පාවුළු බාලිකා විද්‍යා­ල­යීය ශිෂ්‍යා­වන්ට පාර්ලි­මේන්තු ක්‍රම­වේ­දය පිළි­බඳ ප්‍රායෝ­ගික අත්දැ­කීම් ලබා­දීම අර­මුණු කර­ගෙන එම විද්‍යා­ලය හා ශ්‍රී ලංකා

පාර්ලි­මේ­න්තුවේ සන්නි­වේ­දන දෙපා­ර්ත­මේ­න්තුව එක්ව මේ වැඩ­ස­ට­හන සංවි­ධාන කර තිබිණ.

මෙහිදී අද­හස් දක්ව­මින් ඒ මහතා ශිෂ්‍ය පාර්ලි­මේන්තු මඟින් නාය­කත්ව ගුණාංග තම ජීවි­ත­යට එක්කර ගැනීමේ වැද­ග­ත්කම පෙන්වා දුන් අතර ජීවි­තයේ අභි­යෝග ජය ගැනීම සඳහා අවශ්‍ය පන්න­රය ද ශිෂ්‍ය පාර්ලි­මේන්තු මඟින් ලබා ගත හැකි බව පෙන්වා දුන්නේය.

ඒ අනුව මෙහිදී මිලා­ගි­රිය ශාන්ත පාවුළු බාලිකා විද්‍යා­ලයේ ශිෂ්‍ය පාර්ලි­මේ­න්තුවේ මංගල සභා­වා­රය අර­ඹ­මින් කථා­නා­ය­ක­ව­රයා තෝරා පත්කර ගැනීම සිදු­විය.

අන­තු­රුව අග­මැති ඇතුළු අමාත්‍ය මණ්ඩ­ලය හා මන්ත්‍රී කණ්ඩා­යම දිවු­රුම් දීම සිදු­විය. පසුව ශිෂ්‍ය පාර්ලි­මේ­න්තුවේ එක් එක් අමා­ත්‍ය­ව­රිය විසින් තම අමා­ත්‍යාංශ

මඟින් ක්‍රියා­ත්මක කිරී­මට යෝජිත සැල­සුම් පිළි­බ­ඳව සභාව දැනු­වත් කෙරිණ.

ශිෂ්‍ය පාර්ලි­මේ­න්තුව නියෝ­ජ­නය කරන සිසු­වි­යන් සඳහා සහ­ති­ක­පත්‍ර ලබා­දී­මද පාර්ලි­මේන්තු මහ ලේක­ම්ව­රි­යගේ ප්‍රධා­න­ත්ව­යෙන් සිදු­විය. මේ අව­ස්ථා­වට මිලා­ගි­රිය ශාන්ත පාවුළු බාලිකා විද්‍යා­ලයේ විදු­හ­ල්ප­තිනි සුරේකා සිරි­ව­ර්ධන මහ­ත්මිය, නියෝජ්‍ය විදු­හ­ල්ප­ති­නිය, ශිෂ්‍ය පාර්ලි­මේ­න්තුව භාර ආචාර්ය ධම්මිකා දිසා­නා­යක, විද්‍යා­ලයේ ආචාර්ය මණ්ඩ­ලයේ මහත්ම මහ­ත්මීන් සහ මවු­පි­යන් ඇතුළු පිරි­සක් සහ­භාගි වී සිටි­යහ.

මේ අව­ස්ථා­වට පාර්ලි­මේ­න්තුවේ අධ්‍යක්ෂ (ව්‍යව­ස්ථා­දා­යක සේවා) හා වැඩ­බ­ලන අධ්‍යක්ෂ (සන්නි­වේ­දන) එම්.ජය­ලත් පෙරේරා මහතා ද සහ­භාගි විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT