Home » මාදූව දූපතේ පිහිටි ඡන්ද මධ්‍ය­ස්ථා­න­යට ඡන්ද පෙට්ටි ගෙන­යයි

මාදූව දූපතේ පිහිටි ඡන්ද මධ්‍ය­ස්ථා­න­යට ඡන්ද පෙට්ටි ගෙන­යයි

by damith
September 21, 2024 1:02 am 0 comment

කර­න්දෙ­ණිය සමූහ - අනු­රාධ ප්‍රිය­ද­ර්ශන

මෙවර ජනා­ධි­ප­ති­ව­ර­ණයේ දී බල­පි­ටිය මැති­ව­රණ කොට්ඨා­සයේ මාදු ගඟේ මාදූව දූපතේ පිහිටි ඡන්ද මධ්‍ය­ස්ථාන වෙත ඡන්ද පෙට්ටි ප්‍රවා­හ­නය කළේ බළ­පි­ටිය ප්‍රාදේ­ශීය සභා­වට අයත් බෝට්ටු­වක් මගිනි.

මේ දූපත හා ගොඩ­බිම යා කරන පාලම මේ වන විට අබ­ලන්ව පැව­තීම හේතු කොට­ගෙන මෙසේ බෝට්ටු මඟින් ඡන්ද පෙට්ටිය ප්‍රවා­හ­නය කෙරිණි.

මේ ඡන්ද මධ්‍ය­ස්ථා­නය මාදූව කනිෂ්ඨ විද්‍යා­ලයේ පිහි­ටුවා ඇත.

ඡන්ද මධ්‍ය­ස්ථා­න­යේදී ඡන්ද ප්‍රකාශ කිරී­මට ලියා­ප­දිංචි ඡන්ද­දා­ය­ක­යන් 450ක් සිටිති.

මෙය බළ­පි­ටිය ආස­නයේ තිබෙන දුෂ්ක­රම ඡන්ද මධ්‍ය­ස්ථා­න­යකි.

ඡායා­රු­පය – ගාල්ල අම්බ­ල­න්ගොඩ අනු­රාධ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT