ප්‍රවීණ මාධ්‍යවේදියකු මෙන්ම ගත්කතුවරයකුද වන රෝහණ වෙත්තසිංහ ලියූ නවතම පරිවර්තන කෘතිය Òදූවිල්ලෙන් උපන් දරුවෝÓ මේ මස 27 වැනිදායින් ඇරැඹෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සමගාමීව එළිදැක්වේ.
වියට්නාම් ගත්කතුවරියක හා කිවිඳියක වන ආචාර්ය නුවෑන් ෆෑන් ක්වේ මායිගේ Dust Child නවකතාව පාදක කර ගනිමින් මෙය සිංහලයට පරිවර්තනය කර ඇත.
මේ කෘතියෙන් වියට්නාම් යුද්ධයේ අනියම් ඵලයක් ලෙස අමෙරිකානු සෙබළුන්ට හා වියට්නාම් යුවතියන්ට දාව උපන් ඇමෙරේසියන් හෙවත් දෙමුහුන් දරුවන්ගේ ජීවන අරගලය හා එරට ජන ජීවිතය උඩු යටිකුරු වූ අයුරු පිළිබිඹු කර තිබේ. සරසවි ප්රකාශනයක් වන Òදූවිල්ලෙන් උපන් දරුවෝÓ රෝහණ වෙත්තසිංහයන්ගේ අටවැනි පරිවර්තන කෘතියයි.