36
මෙරට දුෂ්කර ප්‍රදේශවල පාසල් දරු දැරියන්ට පාපැදි 500කට අධික ප්‍රමාණයක් ලබාදීමට කටයුතු කළ Ride to School ව්‍යාපෘතියේ තවත් පියවරක් ලෙස මොනරාගල විල්ඔය ශ්‍රීපාලි පාසලේ Òරයිඩ් ටු ස්කූල්Ó පාපැදි සමාජය ආරම්භ කිරීමට කටයුතු කළ බව Child Funds ශ්‍රී ලංකා සංවිධානය පවසයි.
අධ්‍යාපනය ලැබීමට බාධාවකින් තොරව ප්‍රවේශය සහතික කිරීම අරමුණු කර ගනිමින් Child Funds ශ්‍රී ලංකා විසින් මේ Òරයිඩ් ටු ස්කූල්Ó ව්‍යාපෘතියට සහයෝගය ලබාදෙන අතර එම පාපැදි සමාජ පිහිටුවීමේදී Òස්පින්නර් පාපැදි පාසලÓ ද විශාල දායකත්වයක් ලබාදී ඇත.