ප්‍රංශයේ සමුද්‍රීය අධ්‍යයනය සඳහා වූ කලාපීය මධ්‍යස්ථානයේ නව අධ්‍යයන අධ්‍යක්‍ෂ (French Director of studies of the Regional Center for Maritime Studies) ලුතිනන් කොමාන්ඩර් Carine BUZAUD හඳුන්වා දීමේ නිල හමුවක් සඳහා ශ්‍රී ලංකාවේ වැඩ බලන ප්‍රංශ තානාපතිනි Marie-Noëlle Duris මහත්මිය පෙරේදා (19) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.
ඒ අනුව, නාවික හමුදාපති විසින් ශ්‍රී ලංකාවේ වැඩ බලන ප්‍රංශ තානාපතිනී Marie-Noëlle Duris මහත්මිය සහ ප්‍රංශයේ සමුද්‍රීය අධ්‍යයනය සඳහා වූ කලාපීය මධ්‍යස්ථානයේ නව අධ්‍යයන අධ්‍යක්‍ෂ ලුතිනන් කොමාන්ඩර් Carine BUZAUD, නාවික හමුදා මූලස්ථානය වෙත පිළිගැනීමෙන් අනතුරුව, ද්විපාර්ශ්වීය වශයෙන් වැදගත් කරුණු සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර සුහද පිළිසඳරක් පැවැත්විණි.
මේ අවස්ථාවට අධ්‍යක්‍ෂ ජනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් නිශාන්ත පීරිස්, නාවික හමුදාපතිගේ නාවික සහායක රියර් අද්මිරාල් කෝසල වර්ණකුලසූරිය, අධ්‍යක්‍ෂ ජනරාල් පුහුණු රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති කාර්යාලයේ සමුද්‍රීය ආරක්ෂක උපදේශක කොමාන්ඩර් Jean-Baptise TROUCHE ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.
මේ නිල හමුව සනිටුහන් කරමින් දෙපාර්ශ්වය අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදුකෙරිණි.